අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් රැගෙන ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ නෞකාව අද (29) දින කොළඹ වරායට ළඟා විය.
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාවෙන් ලබා දුන් මෙම අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආධාර තොගය අද ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ විසින සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන වෙත නිල වශයෙන් ප්‍රදානය කළේය.