ටිබටයේ පන්චෙන් ලාමාතුන්ගේ 33 වැනි උපන්දිනය සමරමින් ප්‍රංශයේ වෙසෙන ටිබෙට් වැසියන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.
11 වැනි පන්චෙන් ලාමා ලෙස දලයි ලාමාතුමා විසින් තෝරා ගත් ගෙන්ධුන් චූර්කි නේමා මීට වසර 26කට පෙර චීනය විසින් පැහැරගෙන යන ලදැයි චෝදනා කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
පන්චෙන් ලාමා හා ඔහුගේ පවුලේ උදවියට නිදහසේ ජීවත්වීමට අවස්ථාව ලබා දෙන ලෙසට ප්‍රංශයේ ටිබෙට් ජාතිකයින්ගේ සභාපති කර්ම තින්ලේ චීනයෙන් ඉල්ලා සිටියේය.
10 වැනි පන්චෙන් ලාමා මියගිය පසු දලයි ලාමාතුමා හා පිරිස 11 වැනි පන්චෙන් ලාමා සොයා ගිය අතර 1995 මැයි 14 වැනිදා හය හැවිරිදි පිරිමි ළමයෙකුව සිටි ගෙන්ධුන් චූර්කි නේමා නව පන්චෙන් ලාමා ලෙස හඳුනා ගන්නා ලදී. ඔහු සිය ධුරයේ පිහිටුවීම කටයුතු සිදු කරමින් සිටින අතරේ මැයි 17 වැනිදා ඔහු හා පවුලේ සියලු දෙනා පැහැර ගැනීමට ලක් විණි. වසර 27ක පමණ කාලයක් ලාමා තුමන්ගේ ඡායාරූපයක්වත් ටිබෙට් ජාතිකයින්ට දක්නට නොමැති වූ අතර ඔහු හා පවුලේ අය හොඳින් සිටින බව පමණක් චීනය විසින් පවසා තිබිණි.
චීනයට එරෙහිව සිදු කරන ලද විරෝධතාවයට ටිබෙට් ජාතිකයින් 200ක් පමණ එක්ව සිටි අතර මෙහිදී පන්චෙන් ලාමාගේ උපන්දිනය සමරමින් සාම්ප්‍රදායික ටිබෙට් නර්තනයක් ද ඉදිරිපත් කෙරිණි.