කීර්ති ප්‍රනාන්දු –
ඝාතනය කර ගමන් බෑගයක දමා තිබියදී සපුගස්කන්ද ප්‍රදේශයේ කුණුගොඩකින් හමු වූ කාන්තාවගේ ඝාතනය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අද (07) අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නේය.
මහර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න කුලතුංග මෙම නියෝගය ලබා දුන්නේ ඝාතන සිද්ධියේ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
මේ අතර ඝාතනය කළ කාන්තාවගේ සිරුර සහිත බෑගය ලොරි රථයකින් ප්‍රවාහනය කළ අවස්ථාවේ සී.සී.ටී.වී දර්ශන ද පොලිසියට ලැබී තිබේ.
පසුගිය 04 දා සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේ කසල ගොඩකින් මෙම මළ සිරුර හමු වී තිබිණි. ඝාතනය වී තිබුනේ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 44 හැවිරිදි මොහොමඩ් සාෆි පාතිමා මුම්ටාස් නැමැති කාන්තාවකි.