චීන පොහොර නැවක් ලංකාවට පැමිණි බව තමන් නොදන්නේ යැයි පොදු ජන පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර කීවේය. එවැනි පොහොර නැවක් ලංකාවට පැමිණි බව කියන්නේ කවුදැයි මාධ්‍යවේදීන්ගෙන් විමසුවේය.
ඊයේ පස්වරුවේ යටිනුවර ආසනයේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අතිශයින් ආවේගශීලී වූ මහාචාර්ය මන්ත්‍රීවරයා චීන පොහොර නැවක් පැමිණීම පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසුමට මෙසේ පිළිතුරු දුන්නේය.
මාධ්‍යවේදියා – චීන පොහොර නැවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇවිත් තියනවා බලහත්කාරයෙන්. ඒ ගැන ඔබතුමා මොකද කියන්නෙ?
මහාචාර්ය මන්ත්‍රී තුමා – ඔය කතාව ඔබතුමා කිව්වට අපි දන්නෙ නෑ. ඔබතුමා දැක්කද එහෙම එකක් ඇවිත් තියනවා. නෑ නෙ.
මාධ්‍යවේදියා – මම දැක්කෙ නෑ.
මහාචාර්ය මන්ත්‍රී තුමා – හා.. ඒකයි.
මාධ්‍යවේදියා – ඔබතුමා කියන්නෙ පොහොර නැවක් මුහුදු තීරයට ආවෙ නෑ කියල ද?
මහාචාර්ය මන්ත්‍රී තුමා – මම දැක්කෙ නෑ.
මාධ්‍යවේදියා – ඔබතුමා කියන්නෙ වගකීමෙන් ද?
මහාචාර්ය මන්ත්‍රී තුමා – ඔව්… මම වගකීමෙන් තමයි කියන්නෙ. දැක්කෙ නැති එක දැක්කෙ නෑ කියන්නෙ නැතිව වෙන මොනවා කියන්න ද?.
මාධ්‍යවේදියා – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු විද්වතුන් කියනවා. චීන තානාපති කාර්යාලය කියනවා. ලිඛිත ගනුදෙණු වෙලා තියනවා. මාධ්‍ය හරහා මේ සම්බන්ධව ඉතාම සජීවී තොරතුරු ලැබෙනවා. ඒත් ඔබ තුමා දන්නෙ නෑ?
මහාචාර්ය මන්ත්‍රී තුමා – ඒක තමයි. මම දන්නෙ නෑ… ඔබතුමා අහගන්න එහෙම එකක් ආවානම් මාධ්‍යයෙන්. කෝ පෙන්වන්න කියන්න.
මාධ්‍යවේදියා – ඔබතුමා මේ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.
මහාචාර්ය මන්ත්‍රී තුමා – ඔව්
මාධ්‍යවේදියා – ඉතින් මේ වගේ ප්‍රකාශයක් හරිද?. ඔබ දන්නෙ නෑ කියන එක හරිද?
මහාචාර්ය මන්ත්‍රී තුමා – ඔව්… මම දන්නෙ නැති එක දන්නෙ නැතිනම් මොකක් ද කියන්නෙ. දන්නවා කියන්න ද?
මාධ්‍යවේදියා – එතකොට පොහොර නැවක් චීනයෙන් ඇවිත් නෑ.
මහාචාර්ය මන්ත්‍රී තුමා – ( මහ හඬින්) මම දන්නෙ නෑ.
මෙහිදී මහාචාර්ය රංජිත් බණ්ඩාර ජනතාවගේ සීනි කිලෝ එකේ සිමෙන්ති කොට්ටය දක්වා ප්‍රශ්නයට වඩා බැරෑරුම් ප්‍රශ්නයක් විසඳීමේ වගකීම ආණ්ඩුවට තිබෙන බවත් රටේ මිලියන 21 ජනගහනයක ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුවට තිබෙන බවත් ඔහු කියයි. මේ වන තුරුත් මේ රටේ එක් අයෙකු හෝ බඩගින්නේ මිය ගියේ නැති බවද තරයේ කියා සිටියේය.
රටේ ආර්ථිකය හැසිරෙන ආකාරය සහ ලෝකයේ ආර්ථිකය හැසිරෙන ආකාරය අතර දැඩි සම්බන්ධතාවයක් ඇති බවත් එහෙයින් මෙවර අය වැයෙන් ජනතාවට දෙනවා වෙනුවට ගන්න තමයි සිදුවන්නේ යැයි පෙර අවස්ථාවකදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කියා සිටියේ ආර්ථික විග්‍රහය අනුව ගැඹුරු අර්ථයකින් බවත් මේ අය වැය මහජනතාවට දැනෙන කාටත් වද වේදනා ඇති නොවන අයවැයක් වනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බව කියා සිටී.
කැබිනට් ඇමතිවරු වීදී සටන්කරුවන් නොවී ඉන්න බැරිනම් ඉවත් වී යන ලෙසත් බලාගාර ආරම්භ කිරීම සහ දේශපාලනය පටලවා නොගන්නා ලෙසත් අවවාද කරයි.
ඔහු හා මාධ්‍යවේදීන් අතර ඊයේ ඇති වූ සංවාදයේ සංස්කරණය නොකළ හඬ පටය පහත දැක්වේ.