අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර නැව රටට පැමිණි බව නොදත් වියත්මගේ මහාචාර්ය මන්ත්‍රීතුමා කී කතාව!

by editor
නොවැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීන පොහොර නැවක් ලංකාවට පැමිණි බව තමන් නොදන්නේ යැයි පොදු ජන පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර  කීවේය. එවැනි පොහොර නැවක් ලංකාවට පැමිණි බව කියන්නේ කවුදැයි මාධ්‍යවේදීන්ගෙන් විමසුවේය.

ඊයේ පස්වරුවේ යටිනුවර ආසනයේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ  අතිශයින් ආවේගශීලී වූ මහාචාර්ය   මන්ත්‍රීවරයා  චීන පොහොර නැවක් පැමිණීම පිළිබඳව මාධ්‍යවේදීන් කළ  විමසුමට මෙසේ පිළිතුරු දුන්නේය.

මහාචාර්ය රංජිත් බණ්ඩාර

මාධ්‍යවේදියා – චීන පොහොර නැවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇවිත් තියනවා බලහත්කාරයෙන්. ඒ ගැන ඔබතුමා මොකද කියන්නෙ?

මහාචාර්ය මන්ත්‍රී තුමා – ඔය කතාව ඔබතුමා කිව්වට අපි දන්නෙ නෑ. ඔබතුමා දැක්කද එහෙම එකක් ඇවිත් තියනවා. නෑ නෙ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මාධ්‍යවේදියා – මම දැක්කෙ නෑ.

මහාචාර්ය මන්ත්‍රී තුමා –  හා.. ඒකයි.

මාධ්‍යවේදියා – ඔබතුමා කියන්නෙ පොහොර නැවක් මුහුදු තීරයට ආවෙ නෑ කියල ද?

මහාචාර්ය මන්ත්‍රී තුමා – මම දැක්කෙ නෑ.

මාධ්‍යවේදියා – ඔබතුමා කියන්නෙ වගකීමෙන් ද?

මහාචාර්ය මන්ත්‍රී තුමා – ඔව්… මම වගකීමෙන් තමයි කියන්නෙ. දැක්කෙ නැති එක දැක්කෙ නෑ කියන්නෙ නැතිව වෙන මොනවා කියන්න ද?.

මාධ්‍යවේදියා –  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු විද්වතුන් කියනවා. චීන තානාපති කාර්යාලය කියනවා. ලිඛිත ගනුදෙණු වෙලා තියනවා. මාධ්‍ය හරහා මේ සම්බන්ධව ඉතාම සජීවී තොරතුරු ලැබෙනවා.  ඒත් ඔබ තුමා දන්නෙ නෑ?

මහාචාර්ය මන්ත්‍රී තුමා –  ඒක තමයි. මම දන්නෙ නෑ… ඔබතුමා අහගන්න එහෙම එකක් ආවානම්  මාධ්‍යයෙන්. කෝ පෙන්වන්න කියන්න.

මාධ්‍යවේදියා – ඔබතුමා  මේ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

මහාචාර්ය මන්ත්‍රී තුමා – ඔව්

මාධ්‍යවේදියා – ඉතින් මේ වගේ ප්‍රකාශයක් හරිද?. ඔබ දන්නෙ නෑ කියන එක හරිද?

මහාචාර්ය මන්ත්‍රී තුමා – ඔව්… මම දන්නෙ නැති එක දන්නෙ නැතිනම් මොකක් ද කියන්නෙ. දන්නවා කියන්න ද?

මාධ්‍යවේදියා – එතකොට පොහොර නැවක් චීනයෙන් ඇවිත් නෑ.

මහාචාර්ය මන්ත්‍රී තුමා –  ( මහ හඬින්) මම දන්නෙ නෑ.

මෙහිදී මහාචාර්ය රංජිත් බණ්ඩාර  ජනතාවගේ සීනි කිලෝ එකේ සිමෙන්ති කොට්ටය දක්වා  ප්‍රශ්නයට වඩා බැරෑරුම් ප්‍රශ්නයක් විසඳීමේ වගකීම ආණ්ඩුවට තිබෙන බවත්  රටේ මිලියන 21 ජනගහනයක ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුවට තිබෙන බවත්  ඔහු කියයි.   මේ වන තුරුත් මේ රටේ එක් අයෙකු හෝ බඩගින්නේ මිය ගියේ නැති බවද තරයේ කියා සිටියේය.

රටේ ආර්ථිකය හැසිරෙන ආකාරය සහ ලෝකයේ ආර්ථිකය හැසිරෙන ආකාරය අතර දැඩි සම්බන්ධතාවයක් ඇති බවත් එහෙයින් මෙවර අය වැයෙන් ජනතාවට දෙනවා වෙනුවට ගන්න තමයි සිදුවන්නේ යැයි පෙර අවස්ථාවකදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ  කියා සිටියේ ආර්ථික විග්‍රහය අනුව ගැඹුරු අර්ථයකින් බවත් මේ අය වැය   මහජනතාවට දැනෙන කාටත් වද වේදනා ඇති නොවන අයවැයක් වනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බව කියා සිටී.

කැබිනට් ඇමතිවරු වීදී සටන්කරුවන් නොවී ඉන්න බැරිනම් ඉවත් වී යන ලෙසත්  බලාගාර ආරම්භ කිරීම සහ දේශපාලනය පටලවා නොගන්නා ලෙසත් අවවාද කරයි.

ඔහු හා මාධ්‍යවේදීන් අතර ඊයේ ඇති වූ සංවාදයේ සංස්කරණය නොකළ හඬ පටය පහත දැක්වේ.

 

 

Lankasara · 06.11.2021 Prof. Ranjith Bandara Voice
Tags: නවතම
Share69Tweet43
Previous Post

අයවැය කාලය අතරතුර ඇමතිලාට විදේශ සංචාර තහනම්

Next Post

සපුගස්කන්ද කාන්තා ඝාතනය – සැකකරුවන්  රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.