අවුරුදු 13 ක් වයසැති පිරිමි දරුවෙකුගේ සපත්තුවේ සැඟවී සිටි නයි පැටියෙකු එම දරුවාට දෂ්ඨ කීරීම හේතුවෙන් දරුවා අද උදෑසන රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම දරුවා කඩවත ප්‍රදේශයේ සිට පාසලට පැමිණෙන අතර ඔහු බස්රථයට ගොඩවන විට සපත්තුව තුළ ඇනෙන්නාක් මෙන් දැනී තිබේ.
පාසලට පැමිණි පසුව එම වේදනාකාරී ඇනිම වැඩි වැඩියෙන් දැනීම හේතුවෙන් සපත්තුව ගලවා පරික්ෂා කිරීමේදී මෙම නයි පැටවා හමුවී ඇති බව වෛද්‍ය විජේසූරිය සඳහන් කරයි.
ඒ මොහොතේදීම දරුවා රෝහල් ගතකිරිමට පාසල් බලධාරීන් කටයුතු කර ඇති අතර දරුවාට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දිමට කටයුතු කළ බවද හෙතෙම පැවසිය.
දරුවාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවත් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේය.
නයි පැටවා මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම සිදුවිම හමුවේ සෑම දෙමාපියෙක්ම තම දරුවන්ගේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වන ලෙස අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කරයි.







