ශ්‍රි ලංකාවේ හම්බන්තොට වරායට පැමිණි චීන නෞකාව හේතුවෙන් ඉන්දියාවට ශ්‍රි ලංකාව සමඟ කටයුතු කිරීමේ නව සාමාන්‍ය ක්‍රමයක් ගැන නිහතමානී අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවූ බවත් එම අවස්ථාවේ ඉන්දියාව තුලනය කිරීම සඳහා ශ්‍රි ලංකාවේ නායකත්වය ප්‍රඥාවන්ත ලෙස ක්‍රියා කළ බවත් ඉන්දියාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන එම්.කේ භද්‍රකුමාර් පවසයි.
ද ට්‍රිබියුන් ඉන්දියා පුවත් පතට ලිපියක් ලියමින් ඔහු පවසන්නේ මෙම යුවැන් වෑන් 5 චීන නෞකාව ශ්‍රි ලංකාවට ප්‍රවේශ වූ සැණින් ශ්‍රී ලංකාව ඉන්දියානු අදානි සමාගමට මෙගවොට් 500ක පුනනර්ජනනීය විදුලි ව්‍යාපෘති දෙකට අනුමතිය දී ඉන්දියාව වෙත යහපත් ප්‍රතිචාරයක් දැක්වීම මේ අවස්ථාවේ දී සුබදායක කරුණක් බවයි.
ඔහු තවදුරටත් පවසන්නේ ඇමෙරිකානු තානාපතිවරිය කලබලයට පත් වුවද ශ්‍රී ලංකාවට ඇමෙරිකානු යුධ නෞකාද මේ අයුරින්ම විවිධ අවශ්‍යතා සඳහා පැමිණෙන බවයි. එසේම ශ්‍රි ලංකාවේ චීන තානාපතිවරයාද මීට පෙර 2014 වසර්දී මෙවැනිම නෞකාවක් ශ්‍රි ලංකාවට පැමිණි බව මතක් කර දුන්නේ යැයි භද්‍රකුමාර් පවසයි.
කෙසේ වුවද ඉන්දියාව ශ්‍රි ලංකාව සහ නේපාලය සමඟ කටයුතු කිරීමේ දී එම රටවල් කුඩා රටවල් සේ පමණක් සලකා කටයුතු කළ නොහැකි බවත් මෙම රටවල්වලට පවතින විභවය අවබෝධ කර ගත යුතු සේම එම රටවල පවතින ස්වාධීනත්වය, මෙන්ම උපායමාර්ගිකව ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට අධිෂ්ඨාන කරගත් රටක් ලෙස ඉන්දියාව කටයුතු කළයුතු බවටත් ඔහු දක්වා ඇත.
කෙසේ වුවද ශ්‍රි ලංකාව සමඟ ජානමය වශයෙන් සමානත්මතාවක් දක්වන ඉන්දියාව ට ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වගකීමක් ඇති බවත් ශ්‍රි ලංකාව සම්පුර්ණ සහයෝගය අවශ්‍ය බවත් පෙන්වා දි ඇත.
මේ වනවිට ඇමෙරිකාව බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය වැනි රටවල් ශ්‍රි ලංකාවේ පවතින අර්බුදය දෙස සලන්නේ කිඹුල් කඳුළු බවත් අර්බුදය මැද ඉදිරියට පැමිණි ඉන්දියාව ශ්‍රි ලාකාවට අත්‍යවශ්‍යම මොහොතක ආධාර උදව් ලබා දීම වැදගත් පියවරක් බවද භද්‍රකුමාර් සිය ලිපියෙන් පෙන්වා දී ඇත