සඳුදා යුග දිවියට පා තැබූ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිිතිකරු වූ චරිත් අසලංක හෙට (31) ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
චරිත් යුගදිවියට පිවිසියේ ඔහුගේ දීර්ඝ කාලීන පාසල් ප්‍රේමය වූ යුවතිය සමගය.
පළමු එක්දින තරඟ දෙක සඳහා ප්‍රකාශයට පත් කර ඇති ක්‍රීඩකයින් 16 දෙනාගෙන් ක්‍රීඩකයින් 11 දෙනෙකු දැනටමත් සංචිතයට එක්ව සිටිති.
වනිඳු හසරංග මේ වන විට පාදයේ ආබාධයකට ලක්ව පුනරුත්ථාපනය වෙමින් සිටින අතර, ඔහු කණ්ඩායමට එක්වී නැවත ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් ඔහු පළමු එක්දින තරගයට පැමිණීම සැක සහිත බව වාර්තා වේ.
IPL තරඟාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ නායක දසුන් ශානක අඟහරුවාදා රාත්‍රියේ කණ්ඩායම සමග එක්වනු ඇත.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ශූරතාව අහිමි වූ ගුජරාට් ටයිටන්ස් අවසන් එකොළොස්දෙනා සහිත කණ්ඩායමේ දසුන් සිටියේ නැත.
අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා වන මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ බදාදා පෙරවරුවේ සංචිතයට එක්වීමට නියමිතය.