නව කැබිනට් මණ්ඩලය ලබන සඳුදා දිවුරු දීමට සූදානම් බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙම කැබිනට් මණ්ඩලයෙන් අගමැති හැර අනෙක් රාජපක්ෂලා තාවකාලිකව ඉවත් කර තිබේ. වාර්තාවන පරිදි කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30කි.
දැනට මහාමාර්ග ඇමතිකමේ දිවුරුම් දී ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු එම ධුරයම දරන අතර රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ පුරුදු කැබිනට් ඇමති ධුරම දරනු ඇතැයි පැවසේ.
නියෝජ්‍ය ඇමතිකම් සහ රාජ්‍ය ඇමතිකම් දැරූ කීපදෙනෙක් කැබිනට් මණ්ඩලයට එක් වනු ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.







