ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වී තිබේ.
ඊයේ (28) රාත්‍රියේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකින් අනතුරුව හෘදයාබාධයකට ලක්ව රෝහල් ගත කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යනවිට චලනගේ වයස 36 කි.
ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ලබන බව ඥාතීහු කියති.









