සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සතුන්ටත් වද දී මිනිස්සුත් අනතුරේ දාන්න බෑ… යාපනයේ උත්සවවලට අලි ඇතුන් ගෙන්වීමට දිසාපතිගෙන් සීමා!

by editor
ජූලි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ-

යාපනයේ කෝවිල් උත්සව හා වෙනත් පෙරහැර  සඳහා හීලෑ අලි ඇතුන් රැගෙන ඒම සීමා කරන ලෙස දැනුම් දෙමින් යාපනය දිසාපති අම්බලවානර් සිවපාලසුන්දරන්  ඊයේ (23)  නිවේදනයක් නිකුත් කොට තිබේ.

කිසිම නිලධාරියෙකුගේ අධීක්ෂණයකින් හෝ අනු දැනුමකින් තොරව මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට අලි ඇතුන් රැගෙන ඒමෙන් සතුන්ට විශාල හානියක් සිදු වන බවත් මහජනතාවට අනතුරු සිදු විය හැකි බවත් දිසාපතිවරයා පෙන්වා දෙයි.මේ නිසා යාපනයේ කවර හෝ අවශ්‍යතාවයකට  හීලෑ අලි ඇතුන් රැගෙන ඒමට අවශ්‍යවේනම් මුලින්ම ඒ ගැන  උතුරු පළාත් පශු සම්පත් නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා වෙත දන්වා ඔහුගෙන් මූලික අවසරය ලබා ගත යුතු බවට දිසාපති   වරයා නියෝගයක් නිකුත් කොට තිබේ.

ඔහුගෙන් මූලික අවසරය ලබාගත් පසුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ කමිටුවකට ඒ බව දැණුම් දී ඔවුන්ගේ නිර්දේශ ලබාගත් පසුව පමණක් යාපනයට හීලෑ අලි ඇතුන් රැගෙන ඒමට  අවසරයක් ලබා දීමට දිසාපතිවරයා තීරණය කොට තිබේ.

කෝවිල් උත්සවවලට අලි ඇතුන් රැගෙන ඒම සාමාන්‍ය සිරිතක් නොවූවත් මෑතක සිට කෝවිල් උත්සව සඳහාත්    පෙරහැර සඳහාත් අලි ඇතුන් දිවයිනේ දකුණු ප්‍රදේශයෙන් රැගෙන ඒමට උත්සව සංවිධායකයින් පියවර තිබේ.  නමුත් ඔවුන් කිසි විටකත් එම සතුන් ගැන හෝ මහජනතාව ගැන කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බව  යාපනය දිසපතිවරයා පෙන්වා දෙයි.

මේ නිසා යාපනයට දකුණේ සිට හීලෑ අලි ඇතුන් රැගෙන ඒමේදී දැඩි ප්‍රතිපත්තිමය තීරණයක් අනුගමනය කිරීමට සිදු වන බව  යාපනය දිසාපතිවරයා කියා සිටියි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

සූරියවැව කෙමිහත පුරාණ විහාරස්ථානයේ රක්ෂිත භුමියේ නිධන් වස්තු සෙවූ පුද්ගලයන් 4ක් අත්අඩංගුවට

Next Post

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන් මහතා ජනපති හමුවෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.