සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවට අවශ්‍ය සතර වරම් රැකවරණයක් ගැන රනිල් කතාකරයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

“දැන් තිබෙන්නේ නව එක්සත් ජාතික පක්ෂයක්. එබැවින් සියළු දෙනා එකතු වෙලා ජයග්‍රහණය කරා ගමන් කරමු. අපි ජයගනිමු… අපි රට හදමු… කිසිදා වෙනස් නොවන යකඩ රාමුවක් ඔස්සේ සතර වරම් දෙවිවරුන්ගේ ආරක්ෂාවෙන්, රැකවරණයෙන් අපි ඉදිරියට යමු. එවිට අපට සතර වරම් දෙවිවරුන්ගේ පිහිටත් නිතැතින්ම ලැබේවි.” යැයි එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එජාප නායකයා මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැති zoom හමුව ඊයේ (05) අමතමිනි.

“ඉංග්‍රීසීන්ගේ යටත් විජිතය ලෙස වසර 134 ක් පැවැති මෙරට, මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ නායකත්වය යටතේ නිදහස ලබාගත්තා. ලැබුණු නිදහස සුරකිමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර, ශ්‍රී ලාංකේය අනන්‍යතාවය බිහිකරමින්, රට දියුණුව කරා ගෙන යන්න එතුමා එක්සත් ජාතික පක්ෂය බිහි කළා.
සියළු ජාතීන්ට සෙවණ වූ එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සරය අද අප අභිමානයෙන් යුතුව සමරනවා. අප මේ රට ආරක්ෂා කළා. සෑම ක්ෂේත්‍රයකම නවමු සංවර්ධනය ඇති කළා. රට දියුණුවේ මාර්ගය වෙත ප්‍රවේශ කළා. ඒ ගමන් මගෙහි පියසටහන් අප මේ සමරු උත්සවය ආරම්භයේදීම නැරඹුවා.
නමුත් අද අප ජීවත් වන්නේ දියුණුව කරා ගමන් කරන මාර්ගයක නොවෙයි. අපට ජීවත් වීමට සිදුව තිබෙන්නේ අගාදයක සිරවී ඇති රටක් තුළ යි.
රටත්, ජනතාවත් අති භයානක අවස්ථාව මේ වන විට පසු කරමින් සිටිනවා. කොවිඩ් 19 වසංගතය ශීග්‍රයෙන් රට තුළ පැතිරෙනවා. විශේෂඥයන්ගේ පුරෝකතනය අනුව විසි දහසක් – තිස් දහසක් දෙනා මරණයට පත්වීමට නියමිතයි.
ආර්ථික අවපාතය තුළ තවත් පිරිසකගේ රැකියා අවස්ථා අහිමි වෙමින් යනවා. ලොකු – කුඩා ව්‍යාපාර සියල්ලක්ම බංකොලොත් වෙලා. ධීවර කර්මාන්තය කේන්ද්‍ර කරගත් සමුද්‍රීය ආර්ථිකය විනාශ වෙලා.
කෘෂිකර්මාන්තය අඩපණ වෙලා. අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. ලංකාව ලෝකයෙන් කොන් වෙන තත්ත්වයට ඇවිල්ලා. රටේ අර්ථිකය මුළුමණින්ම අඩාල වෙලා. අප හමුවේ ඇති අභියෝගය වන්නේ ආර්ථික හා දේශපාලන ව්‍යසනයෙන් රට මුදවා ගෙන ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහි කර ගන්නේ කෙසේද යන්න යි. එය ඉටු කර ගැනීමට නොහැකි වුවහොත් කුමන පක්ෂයකට අයිතිවුවත් විනාශ වී යන්නේ අපේම දුවා දරුවන්ගේ අනාගතය බව මතක තබා ගන්න.
අභියෝග සැමදා ජයගත් පක්ෂය ලෙස මෙවර ද රට ඉදිරියේ පවතින අභියෝගය ජයගැනීමට අපි සූදානම්. කෙටිකාලීන වැඩසටහනකින්, ආර්ථිකය නගා සිටුවා රට ගොඩගන්නත් දීර්ඝ කාලීන වැඩසටහනක් යටතේ තව අවුරුදු 27 කින් නිදහසේ සියවස උදාවන මොහොතේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාව යළි බිහි කරන්න හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණයි.

1948 දී අප ජපානය සමග සම තත්ත්වයේ සිටි ආසියාවේ පෙරමුණේ පැවැති රටයි. නමුත් අද වන විට අප ඉදිරියෙන් සිටින්නේ ඇෆ්ගනිස්ථානයට පමණයි. එබැවින් පවතින තත්ත්වයට වඩා සෑම අතින්ම වෙනස්, ඉහළ ශ්‍රී ලංකාව ගොඩනැංවීමේ අභියෝගය රට ඉදිරියේ පවතිනවා. රට ඉදිරියට ගෙන යා හැකි සැළසුම් ගැන කතා කිරීමට ඇති හොඳම අවස්ථාව මෙයයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉතිහාසය පුරාම ආණ්ඩු මාරුවන විට ප්‍රතිපත්ති ද මාරුවීම තුළ අප රටක් ලෙස පරිහානියට පත් වුනා. ජපානය, චීනය හා සිංගප්පූරුව මෙන් අප ද දීර්ඝ කාලීන නිවැරදි ප්‍රතිපත්ති මාලාවක කටයුතු කළා නම් අද අප දියුණු රටක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා නොවෙනස් යකඩ ප්‍රතිපත්ති රාමුවක් තුළ හිඳිමින් ඉදිරියේදී රට දියුණු කිරීමට අවශ්‍ය යෝජනා අප ඉදිරිපත් කරනවා. යකඩ මෙන් ශක්තිමත් වූ ඒ ප්‍රතිපත්ති රාමුව ආණ්ඩු මාරු වන විට වෙනස් නොවන ලෙස නීතිමය බැඳීමකින් සවිමත් කරන බවද කිව යුතුයි.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යනාදී සියළු ජන කොටස් එක්සත් කරන ඒකීය ශ්‍රී ලංකාව බිහි කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස හා කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරන රටක් ගොඩ නැගීම අප ඉදිරිපත් කරන “ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක්” වැඩසටහනට ඇතුළත් වනවා.
ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාව බිහි කරමින් රටට සුබදායී අනාගතය උදා කරන්න අප යෝජනා කරන්නේ සතර වරම් ආරක්ෂාවයි. රැකවරණයයි. පළමුව සෞඛ්‍ය ආරක්ෂාවත්, රැකවරණයත්, දෙ වැනුව ආර්ථික ආරක්ෂාවත්, රැකවරණයත්, තෙවැනුව දැනුම ආරක්ෂාවත් රැකවරණයත්, සිව් වැනිව පරිසර ආරක්ෂාවත් රැකවරණයත් වශයෙන් එය නිර්වචනය කළ හැකියි.

සෞඛ්‍ය ආරක්ෂාව යටතේ වසංගත රෝග බියෙන් මෙන්ම, ජනතාවට මුහුණ පෑමට වන සෙසු සෞඛ්‍යමය උවදුරු වලින් ද ඔවුන් ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය සම්පන්න රට බිහි කිරීම අපේ ප්‍රථම අරමුණයි. ආර්ථික ආරක්ෂාවෙන් ලෝකය සමඟ තරඟ කළ හැකි සමාජ සාධාරණය ඉටු කරන නව ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කිරීම අපේ දෙවැනි අරමුණයි.
දැනුම ආරක්ෂා කිරීම තුළ සැමටම සමානව දැනුම බෙදා හැරෙන නවමු අදහස් වලින් යුතු නවීන අධ්‍යාපන ක්‍රමය මතින් 21 වැනි ශත වර්ෂයට ගැලපෙන සමාජය ඇති කිරීම අපේ තෙවැනි අරමුණයි.

පරිසර ආරක්ෂාවේදී දේශගුණ විපර්යාසයන්ට සවිමත්ව මුහුණ දිය හැකි සහ දේශගුණ විපර්යාස පාලනය කරන පැරිස් ගිවිසුම පදනම් කර ගත් රට බිහි කිරීම අපේ සිව්වැනි අරමුණයි. මේ සතර වරම් රැකවරණයෙන් යුතු ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාව බිහි කිරීම අපේ අරමුණ යි. අලුත් ශ්‍රී ලංකාව ගොඩ නැගීමට අලුත් වැඩපිළිවෙල ඉදිරිපත් කරන අප,අලුත් එක්සත් ජාතික පක්ෂයකුත් බිහි කරනවා.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අප දැවැන්ත පසුබෑමකට ලක් වුනා. අප සාම්ප්‍රදායික ක්‍රමවේදයමයි, එදා අනුගමනය කළේ. නමුත් දැන් අපට වෙනස්වීමට කාලය පැමිණ තිබෙනවා.

“සැපතෙහි – විපතෙහි, නොසැලෙයි – නොතැවෙයි අට ලෝ දම හුරු හෙළයා.” අප පරාජය ගැන විග්‍රහ කළා. එහිදී අපට අලුත් කරුණු ගණනාවක් වැටහුනා.
ජනතාව, වර්තමාන දේශපාලන ක්‍රමය පිළිකුල් කරනවා. එමෙන්ම රට රැවටූ ආණ්ඩුවත්, විවේචනයට පමණක් සීමා වූ විපක්ෂයත් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. රට ගැන සිතන ප්‍රතිපත්ති ගරුක දේශපාලනය ජනතාව බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රමයත් එයමයි. අලුත්ම වැඩපිළිවෙල රැගෙන තමයි, අප ඉදිරියට එන්නේ. යකඩ රාමුවක් මෙන් ශක්තිමත් වෙනස් නොවන ප්‍රතිපත්ති මාලාව ඒ වෙනුවෙන් අප ඉදිරිපත් කරනවා.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හඳුන්වා දුන් පරිගණක තාක්ෂණය, අන්තර්ජාල පහසුකම් හා ජංගම දුරකතන උපයෝගී කර ගනිමින් ඉදිරියට එන සමාජ රටාව අද බිහිවෙලා. එය පදනම් කර ගෙන ජපානය මෙන්ම යුරෝපා රටවල දේශපාලන පක්ෂ ජනතාව අතරට යනවා. ඔවුන් යොදා ගන්නා මාර්ගගත තාක්ෂණය (online) භාවිතයට ගනිමින් අප ද පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අද සිට අප ක්‍රියාත්මක කරන්නේ නව තාක්ෂණය ඔස්සේ ජනතාව අතරට යන තාක්ෂණික වැඩපිළිවෙලයි.

නවීන තාක්ෂණය ඔස්සේ යන ක්‍රමවේද පරිහරණය කරන්න එක්සත් ජාතික පක්ෂය කිසිලෙසකින් වත් බය නැහැ. මෙතෙක් කල් පවත්වා ගෙන ආ භෞතික ක්‍රමවේදයෙන් ඔබ්බට යමින් මාර්ගගත ක්‍රමවේදයකට (Virtual) තමයි, අපේ පක්ෂ සම්මේලනයත් අද පවත්වන්නේ. අප ඔබේ ජංගම දුරකතනයට අපේ පණිවුඩය දෙනවා. සූම් තාක්ෂණය භාවිතා කරමින් ජනතාව අමතන්න අපේක්ෂා කරනවා.
සූම් සම්මේලන 75 ක් පවත්වමින්, ආණ්ඩු මාරු වන විට වෙනස් නොවන අපේ යකඩ ප්‍රතිපත්ති රාමුවත්, සතරවරම් ආරක්ෂාව ගැනත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ වැඩපිළිවෙල කොටස් දෙකකින් සමන්විතයි.
එකක් දීර්ඝ කාලීන වැඩපිළිවෙල තුළ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාව බිහි කිරීමයි. අනෙක කෙටි කාලීන වැඩසටහන මගින් රටේ ආර්ථිකය ගොඩ නංවමින් ජනතාව ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට අවශ්‍ය සහන දීමයි.

එක්සත් ජාතික පක්ෂය 75 වැනි සංවත්සරය පසු කරමින් ඉදිරියට යන්නේ නවමු පක්ෂය ලෙසයි. අපි තරුණ පරපුරට ආරාධනා කරන්නේ අපේ වැඩපිළිවෙල හා එක් වී පක්ෂයේ නායකත්වය ගන්න කියලායි. වෙනත් පක්ෂවලට ඡන්දය දුන් පිරිසට අප කියන්නේ දැන් තිබෙන්නේ නව එක්සත් ජාතික පක්ෂය නිසා අප ඔබ සමග වැඩ කරන්න කැමතියි, ඒ වගේම අප ඔබ සමග එකතු වෙන්න සුදානම්.
එක්සත් ජාතික පාක්ෂිකයන්ට මා කියන්නේ සියළු දෙනා එකතු වෙලා ජයග්‍රහණය කරා ගමන් කරමු යනුවෙනුයි.
අපි ජයගනිමු… අපි රට හදමු… කිසිදා වෙනස් නොවන යකඩ රාමුවක් ඔස්සේ සතර වරම් දෙවිවරුන්ගේ ආරක්ෂාවෙන්, රැකවරණයෙන් අපි ඉදිරියට යමු. එවිට අපට සතර වරම් දෙවිවරුන්ගේ පිහිටත් නිතැතින්ම ලැබේවි.
එක්සත් ජාතික පක්ෂයට ජය වේවා! ජනතාවට ජය වේවා යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැප්තැම්බර් අවසන් වන්නට පෙර නුවර ස්පුට්නික් ප්‍රශ්නය විසඳන හැටි රාජ්‍ය ඇමති ජයසුමන කියයි…

Next Post

ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවියට සමුදෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.