සැප්තැම්බර් අවසන් වන්නට ප්‍රථම ස්පුට්නික් මාත්‍රා එක්ලක්ෂ පනස් දහස ලබා ගත් සියලු දෙනාටම දෙවන මාත්‍රාව ලබා දෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කරයි.
ඔහු පවසන්නේ කිසිසේත්ම ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බවය. ලබන සැප්තැම්බර වන විට එන්නතේ දෙවන මාත්‍රාව ලබා නොගත් එක්ලක්ෂ තිස් දහස වෙත එන්නත් ලබා දීමට කටයුතු කරන බවය.
නෙත් එෆ්එම් නාලිකාව හා සංවාදයක යෙදෙමින් රාජ්‍ය ඇමති චන්න ජයසුමන මෙසේ ද පැවසීය.
“රුසියාවෙ පසුගිය කාලෙ ලොව ඉහළම රෝගින් ප්‍රමාණයක් වාර්තාවන ඉහළම මරණ ප්‍රමාණයක් වාර්තාවන රටවල් කීපය අතරට එකතු වුණා. “
“ඒ නිසා රුසියානු රජය තීරණය කළා ඔවුන් ස්පුට්නික් එන්නත තමන්ගෙ රටට ප්‍රමුඛව ලබා දෙනවා කියලා. ඒ නිසයි යම් ප්‍රමාදයක් වුණේ.“
“නමුත් ඒ අතරතුරත් 15 000 බැගින් ඛාණ්ඩ දෙකකට එන්නත් ලබා දෙන්න ඔවුන් කටයුතු කළා. “
“ස්පුට්නික් එන්නත නිශ්පාදනය කරන ගැමිලියා සමාගම අපට දැනුම් දීලා තියනවා සැප්තැම්බර් මාසය අතුළත ස්පුට්නික් දෙවැනි මාත්‍ර ප්‍රමාණය ලබා ගන්න කටයුතු කරනවා කියලා.“
කෙසේ වෙත්ත නුවර පුද්ගලයන්ට මෙම එන්නත ලබා දුනනේ එන්නතේ එක් මාත්‍රාවක් පමණක් වුවද ප්‍රමාණවත් බවට අත්සන් ලබාගෙන ය.