සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සටන වැඩවර්ජනය නෙමෙයි… අපි මේ කිසිම වැඩවර්ජනයක නෑ… ලාල්කාන්ත සහතික කර ප්‍රකාශ කරයි…

by editor
ජූලි 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජනපීඩක වැඩවර්ජන නවත්වා මේ පාලකයින් පන්නන්න එක්ව සටන් කරමු… වෙනස් තත්ත්වයකට අනුව වෙනස්වන්න බැරිනම් ඒක මෙතෙක් කරපු අරගලවලට කරන අපරාධයක්… මේ කරන්නේ එල්ලෙන්න වැල් නැතිව ගිලෙන පාලකයින්ට එල්ලෙන්න වැල් තනා දීමක්!

දූෂිත පාලකයින් අතින් ජනතාව වෙත බල හුවමාරුවක් සිදුවීමට ආසන්න මොහොතක ඒ සඳහා පෙළ ගැසී සිටින ජනතාව පීඩාවට පත් කරමින් කරන වැඩ වර්ජන එල්ලෙන්න වැල් රහිත පාලකයින්ට වැල් තනා දීමක් බවත්, මේ අවස්ථාවේ සිදුකරන වැඩවර්ජනයක් යනු දැන හෝ නොදැන කරන ද්‍රොහී ක්‍රියාවක් බවත්  ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්ත අද (11) පැවසුවේය.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ දැක්ම පිළිබඳ කෙරෙන දැනුම්වත් කිරීමක දී ඔහු පැහැදිලිවම ප්‍රකාශ කළේ මේ සුවිශේෂී කාලපරිච්ඡේදය තුළ සටන ඇත්තේ වැඩවර්ජන තුළ නොවන බවය.

මේ තීරණාත්මක කාලය තුළ ජනතා පීඩාකාරී වැඩවර්ජනවලට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කිසිම සහයෝගයක් ලබා නොදෙන බව ලාල් කාන්ත පැහැදිලිවම ප්‍රකාශ කළේය.

ඔහු සිදුවෙමින් ඇති වැඩවර්ජන රැල්ල සම්බන්ධව සිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

“වෘත්තීය සමිති උපදේශකයො කියලා වෘත්තිය සමිති ව්‍යාපාරයේ අවස්ථාවාදීන් රොත්තක් තියාගෙන ඉන්නවා ජනාධිපති ලේකම් කාර්යාලයේ.  ඒගොල්ල කල්පනා කරමින් ඉන්නවා මේ ක්ෂේත්‍රය කොහොමද පාලකයින්ට වාසිවන විදිහට අරගලවලට කැඳවන්නේ කියලා.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ඕන නම් නම් කරලාම කියන්න පුලුවන් නමක් දෙකක්.  කියන්න ලැජ්ජයි ඒ නම්. වෘත්තීය සමිති නායකයො කියලා කියන්න හොඳ නෑ. “

“ඒ ගොල්ල ප්ලෑන් කරන්නෙම ඒ ගොල්ලන්ගේ කට්ටිය, සජබෙ කට්ටිය දම්මලා අරගලයක් හරි  මොනවා හරි වැඩවර්ජනයක් හරි කරලා ඒ අය එළියට දම්මලා ජනතාව පීඩාකාරීවන තැනට පත් කරන්න. ඉන් පස්සේ  තැනින් අල්ලගෙන රනිල් වික්‍රමසිංහව ගේනවා ජනතාවගේ ගැලවුම් කාරයා විදිහට.  ඒක තමයි ඒ ගොල්ලන්ගේ ප්ලෑන් එක. රටේ ජනතාවට මේ තරමට ඉවසන එක ගැන සතුටු වෙන්න ඕන අපි.”

“ඊයේ දුම්රිය වර්ජනය කරනවා. සමහර අය කෝච්චියට නැගලා වර්ජනය යනකොට ගමන් යන්න. අපි බොහෝ කාලයක  තිස්සේ ඉඳන් විශේෂයෙන් දුම්රිය ක්ෂේත්‍රයේ සහෝදරවරුන්ට දිගටම ඒ යුනියන්වලට අපි ඉල්ලීමක් කරනවා   දුම්රිය වැඩ වර්ජනයක් කරනවා නම් අඩුම තරමින් දින කීපයකට පෙර එය ප්‍රකාශ කරන්න කියලා.    පානදුරෙන් කෝච්චියට නගින, රාගමින් තමන්ගේ දරුවා මොන්ටිසෝරියට දාලා කෝචිච්යට නගින දෙමව්පියො හවස වැඩ ඇරිලා යන්න එනකොට ස්ටේෂන් එකට,  කෝච්චි ධාවනය නවත්තලා නම් පොදු මහජනතාව ඇතිවන පීඩාවක් තියනවා.”

“එතකොට   වෘත්තීය සමිති ව්‍යාපාරය කවදත් ඒක ගැන හොයන්න ඕන. මේ වටපිටාව තුළ ඒක වැඩිපුර හිතන්න ඕන. රාජ්‍ය සේවයේ  අයට පුද්ගලික අංශයේ අයට දීපු සටන් භූමි තියනවා සටන් කරන්න. එක මහපාර. ඒකත් හොඳ තැනක්. ඇත්තම කියනවා නම් ගෝඨාභය රාජපක්ෂව ගෙදර යැව්වේ මහපාරෙ සටනින්. ඇත්තම කියනවා නම්  වැඩ වර්ජනවලින් නෙමෙයි. “

“ඒකෙන් කියැවෙන දෙයක් තියනවා. මොකක් ද , මහපාරේ උද්ඝෝෂණය ජාතික මට්ටමින් ඉදිරියට ගෙනාවොත් ඒක වැඩ වර්ජනයකට වඩා ප්‍රබලයි. ඇයි….  උද්ඝෝෂණයක් එක්ක පොදු ජනතාව සම්බන්ධ වෙනවා මිසක් ඒකට එරෙහි වන්නේ නෑ.”

“පාලකයො ඉන්නේ එල්ලෙන්න වැල් නැතිවනේ. එල්ලෙන්න වැල් නැතිව ඉන්න රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා කල්ලිය හෙට අනිද්දා තියන ඡන්දෙන්  පැරදිලා ගෙදර යන්න ඉන්න වෙලාවේ ඒ ගොල්ලන්ට පොදු ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න පිදුරු ගහක් හරි හම්බවෙනවා නම් එල්ලෙන්න ඒකෙත් එල්ලෙනවා. එතකොට ගුරු විදුහල්පති වැඩ වර්ජනය  රනිල් වික්‍රමසිංහට එල්ලෙන්න වැලක් බවට පත් වෙනවා. මිනිහා මේ ගහගෙන යමින් තියෙන්නේ දැන්. “

“අපේ දැක්ම අනුව, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ දැක්ම අනුව මේ වෙලාවේ ගුරුවරුන්ගේ වැඩ වර්ජනය මේ පීඩාකාරි පාලකයින්ට වාසියක් සලසා දෙනවා. පොදු අරගලයට ඉන් අවාසියක් ගේනවා.  ඒගොල්ලනට එල්ලෙන්න වැලක් හදනවා.”

“අපි කියන්නේ මේ වෙලාවේ ගුරුවරුන්ටයි විදුහල්පතිවරුන්ටයි මේ පාලනය පන්නමු. ඒකට අරගල කරමු. දැන් පැරණි තිබුණු සම්ප්‍රදාය මත පිහිටලා අරගල කරන යුගයක් නෙමෙයි. තත්ත්වය මුළුමනින්ම වෙනස් වෙලා තියෙන්නෙ. ඒ වෙනස්වීමට සරිලන විදිහට අපේ වෘත්තිය සමිති ව්‍යාපාරයට වෙනස් වෙන්න බැරිනම් ඒක මේ රටේ පීඩිත පන්තියේ සහ ප්‍රගතිශීලී ජනතාවගේ මෙතෙක් කරපු අරගලවලට කරපු අපරාධයක්. එය අපරාධයක් බවට පත් වෙනවා දැනුවත්ව හරි, නොදැනුවත්ව හරි. “

“අපට අවස්ථාව අහිමිකරපු භූමියක බලය හුවමාරු කරගැනීම සමත් භූමියේ අරගලයේ සටනේ ජයග්‍රාහී කොඩිය උස්සන් ඉන්න වෙලාවේ ඒ වටා පෙළගැහිච්ච ජනතාව වැඩවර්ජන මගින් ඈත් කරනවා නම් ඒක ද්‍රෝහී කියාවක්. දැනුවත්ව හෝ නොදැනුවත්ව…”

“ඒක තමයි අපේ දැක්ම. අපි උද්ඝෝෂණ සටන් අරගල ඔක්කොම කරන අතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අපි කිසිදු වැඩවර්ජනයකට සම්බන්ධ වන්නේ නෑ. ස්ථිරයි. “

“කිසිම වැඩවර්ජනයකට අපි මේ කාලය තුළ සම්බන්ධ වන්නේ නෑ… මොකද මේ වෙලාවේ සටන වැඩවර්ජනය නෙමෙයි. “

පහත දැක්වෙන්නේ ලාල්කාන්ත විසින් සිදුකළ කතාවය.

Share69Tweet43
Previous Post

දුම්රිය වර්ජනය අත්හිටුවයි… හෙට උදේ සිට කෝච්චි වැඩ!

Next Post

විදුලිය සහ ජලය හොරෙන් ගත් බවට චෝදනා ලද ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම් වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.