ලලිත් චාමින්ද –
ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා විස්සයි විස්ස තරග මාලාවේදීත්, එක්දින තරග මාලාවේ දී ත්, පළමු ටෙස්ට් තරගයේ දීත් ලෝකයෙන් සඟවා තැබීමට තැත්කළ ජනතා විරෝධය අද පුපුරා ගියේය.

විශාල විරෝධතා කරුවන් පිරිසක් මේ වනවිට තරගය පැවැත්වෙමින් ඇති ගාලු ජාත්‍යාන්තර ක්‍රීඩාංගනය අසල කොටු පවුර වෙත නැග ගෙන මේ වනවිට ලෝකයටම පෙනෙන සේ සිය පවතින රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
පෙළපාලියෙන් පැමිණි අරගලකරුවන් ගාලු කොටු පවුර මත නැගී නැගි දැවැන්ත විරෝධතාවයක නිරත ව සිටිති.
විරෝධතාකරුවන් ගාල්ල නගරයේ සිට විවිධ සටන් පාඨ කියමින් පෙළපාලියකින් ගාලු කොටුපවුර පවුර මත ට මතට පැමිණියහ.
විශාල පිරිසක් මෙකී විරෝධතාවයට එක්ව සිටින අතර පොලිස් මාර්ග බාදක බිද දමමින් විරෝධතාකරුවන් ගාලු කොටුව පවුර මත ඇතුල් වූහ. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ මේ වන විට පැවැත්වෙමින් තිබේ

පසුගිය තරගයේ දී කොටු බැම්ම මතට තරගය පවතින අවස්ථාවල ප්‍රවේශ වීමට ගිය නීතිඥවරු ඇතුළු වෘත්තිකයන් ද පොලිසිය විසින් වළක්වා පළවා හරිනු ලැබුවේය.
පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී යුද හමුදාව යොදවා සාමකාමී අරගලකරුවන් පළවා හරින්නට රජය කටයුතු කළේය.
මේ වනවිට විරෝධතාකරුවන්ගෙන් කොටුපවුර පිරි ගොස් ඇත. වැඩි උද්‍යෝගයක් තරගය ආවරණය කරන අන්තර්ජාතික මාධ්‍ය මෙම අරගකරුවන් වෙත යොමු කර ඇත.









