බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් උපවාස භූමියේ පදිංචි වෙයි ද?… ඊයේ ලෙයින් සහතික ලියා දී අදත් උපවාස භූමියට ගිය සජිත් ගේ කතාව….

 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදත්   උපවාසකරුවන් අතරට පැමිණ වොයිස් කට් දෙයි!

by editor
පෙබරවාරි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල්  කහටපිටිය –

රජයේ පාසල්වල වසර හතකට අධික කාලයක් ඉගැන්වීම් කටයුතුවල නිරත වන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස බලකරමින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (01) හත්වන දිනටත් ක්‍රියාත්මක විය. ඊයේ උපවාස භූමියට පැමිණ තම රජය යටතේ ගුරු සංවර්ධන නිලධාරීන්ගේ සියලුම ප්‍රශ්න තම රජයක් යටතේ විසඳන බව ලෙයින් සහතික කරන බව කී විපක්ෂ නායක සජිත් අද (01)  පස්වරුවෙත් උපවාස භූමියට ගොස් යළිත් අලුතින් සහතිකයක් දුන්නේය. 

“මම අද දවසෙත් මෙතනට පැමිණියේ මගෙත්, සමගි ජන බලවේගයෙත්, සමගි ජන සන්ධානයෙත් ඒ වගේම පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාගේත් උපරිම සහයෝගය මේ ගුරු සංවර්ධන නිලධාරීන්ට ලබා දෙන්න.අවුරුදු 5-10ක් දරුවන්ට උගන්වපු ගුරු සංවර්ධන නිලධාරීන්ට අයිතියක් නැද්ද ගුරු සේවයට ඇතුල් වෙන්න….ඇයි ඒ අයට ගුරු සේවයට ඇතුළ් වෙන්න තහනමක් වෙලා තියන්නේ. බොහොම පැහැදිලි විසඳුමක් තියෙනවා. රජයත් දන්නවා මේ විසඳුම හැබැයි මේ වෙනකොට රජය පොරොන්දු වුණු දේ ඉශ්ට කරන්නේ නැතිව මේ ප්‍රශ්නෙන් පැනලා යන්න හදනවා. ඇයි මේ අය මාරාන්තික උපවාසයක් කරන්නේ ආණ්ඩුව බොරු කිව්ව නිසානේ… මේ ගුරුවරුන්ට සාධාරණයක් ඉටුවෙනකන් අපි නිරන්තරයෙන්ම සිටිනවා.” සජිත් ප්‍රේමදාස පැවසුවේය.

රටම දන්නා පරිදි මේ ප්‍රශ්නය මේ මට්ටම පැමිණියේ සජිත් ප්‍රේමදාසලා ආණ්ඩු කළ වකවානුවේ දී සජිත් ප්‍රේමදාස කැබිනට් ඇමති ධූර දැරූ ආණ්ඩුවක නොසලකා හැරීම් පසුකර ගෙනය.  එමෙන්ම වත්මන් රජය විපක්ෂයේ සිටිය දී බලයට පත් වන්නේ මේ වෘත්තීය අරගල භූමි ස්වකීය දේශපාලන ගමනේ ඉනිමං බවට පත්කරගෙනය. නමුත් මේ ප්‍රශ්නයේ මානුෂික ස්වරූපය මෙන්ම එය ක්‍රියාත්මක කළ නොහැකි තැනට වැඩි බරක් සහිත යථාර්ථයක් ද තිබේ. මේ යථාර්ථය මගහැර සජිත්ලා කරන දේශපාලන විගඩම රටේ මිනිසුන්ගේ බුද්ධියට කරන කොලොප්පමක් බවට පත්වීම යළිත් කියවන්නට සැලැස්වීම වැදගත්ය.

ප්‍රායෝගික අපහසුව 

පවතින ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව, සංවර්ධන නිලධාරීන් සෘජුව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී බරපතල නෛතික ගැටලු රැසක් පැනනගී. වත්මන් රෙගුලාසි අනුව ගුරු සේවයට බඳවා ගැනීම් සිදු කළ හැක්කේ විවෘත හෝ සීමිත තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ මගින් පමණක් වන අතර, පරිපාලන සේවයට අයත් සංවර්ධන නිලධාරී තනතුරක සිටින අයෙකු තනතුරු මාරුවක් ලෙස ගුරු සේවයට එක් කිරීමේ නෛතික ප්‍රතිපාදන දැනට නොමැත. විශේෂයෙන්ම, ගුරු සේවය යනු සුවිශේෂී වෘත්තීය සේවාවක් බැවින්, ඒ සඳහා වන සුදුසුකම් පරීක්ෂා කිරීමකින් තොරව සිදුකරන ඕනෑම බඳවා ගැනීමක් සමස්ත රාජ්‍ය සේවා ව්‍යුහය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකෙන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

තවද, මෙය ව්‍යවස්ථාමය අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති ‘සමාන ආරක්ෂාව සැලසීමේ අයිතිය’ හේතුවෙනි. නිසි බඳවා ගැනීමේ පටිපාටියකින් තොරව එක් කණ්ඩායමකට පමණක් ගුරු පත්වීම් ලබා දීම, අනෙකුත් සුදුසුකම්ලත් උපාධිධාරීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස අධිකරණය හමුවේ අභියෝගයට ලක්වීමේ දැඩි අවදානමක් පවතී. ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් විශේෂ ප්‍රතිපාදන සැකසීමට උත්සාහ කළද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ආරක්ෂා කරමින් මෙම ගැටලුව විසඳීම අතිශය සංකීර්ණ කාර්යයක් වී තිබේ.

පවතින නෛතික පටිපාටි උල්ලංඝනය කරමින් සංවර්ධන නිලධාරීන් සෘජුව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම, සමස්ත රාජ්‍ය සේවා ව්‍යුහයම අස්ථාවර කරන බරපතල පරිපාලනමය පූර්වාදර්ශයක් (Precedent) නිර්මාණය කිරීමට හේතු වන බව විචාරක මතය ය. මෙවැනි තීරණයක් හරහා විධිමත් තරඟ විභාග සහ කුසලතා පදනම් කරගත් බඳවා ගැනීමේ ක්‍රියාවලිය (Meritocracy) අභියෝගයට ලක්වන අතර, එය අනෙකුත් ක්ෂේත්‍රවල සේවය කරන උපාධිධාරීන්ට ද සිය සේවා ව්‍යවස්ථාවලින් බැහැරව තනතුරු මාරු ඉල්ලා අරගල කිරීමට මගපාදනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස, සුදුසුකම් සහිත රැකියා අපේක්ෂිත තරුණ ප්‍රජාවට ගුරු සේවයට ඇතුළත් වීමට ඇති ඉඩකඩ ඇහිරී යාම, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය සහ වැටුප් ව්‍යුහයන් අතර ගැටුම් ඇතිවීම සහ අවසාන වශයෙන් පාසල් පද්ධතියේ අධ්‍යාපන ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පාලනය කළ නොහැකි පරිපාලනමය අවුලක් නිර්මාණය වීම වැළැක්විය නොහැක

මේ ගැන නොදන්නා සජිත් බබා ද?

සජිත් ප්‍රේමදාස වැනි  වසර ගණනාවක් පාර්ලිමේන්තු අත්දැකීම් සහිත  දේශපාලනයටම වියපත් වෙමින් සිටින   ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයක නායකයෙකු   මෙවැනි නෛතික බාධාවන් පිළිබඳව නොදැන සිටීමට ඇති ඉඩක් නැත.  එබැවින්  ඔහු “ලෙයින් සහතික දෙමින්”   දැඩි ලෙස මෙම ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීම පිටුපස කරුණු කිහිපයක් ඇති අයුරු පෙනේ. අපට පෙනෙන ඉතාම සරල දැකුම නම්  ඔහු සිය පුංචි මොළයට ආතල් එකක් දෙමින් ඔහුව උත්තේජනය කරන ජනප්‍රියවාදයේ ආතල් එක ගනිමින් සිටින බවය. දේශපාලනයේදී බොහෝ විට “පවතින නීතිය” ට වඩා “ජනතා අපේක්ෂාව” වැනි අදහස්වලට  මුල්තැන දීම සාමාන්‍ය ලක්ෂණයකි. නෛතික ගැටලු පසෙක තබා, පීඩාවට පත් කණ්ඩායමක පාර්ශවය ගැනීම  හරහා එම පිරිසගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්වාසය දිනා ගැනීම ශ්‍රී ලංකාව වැනි රටක කළ හැකි බවට අතීත අත්දැකීම් තිබේ.

එමෙන්ම රජය “අසාධාරණ” සහ “නම්‍යශීලී නොවන” ආයතනයක් ලෙස හංවඩු ගැසීම ද සුලභ විපක්ෂ දේශපාලන ස්වරූපයකි. තමන් කියන දේ ප්‍රායෝගික වුවත් නැතත් තමන් බලයට පත්වූ පසු “විශේෂ ප්‍රතිපාදන” මගින් මෙය විසඳන බවට පොරොන්දු වීම අපේ රටේ විපක්ෂ දේශපාලනය වූ ඉතිහාසයක් තිබුණේය. එම තත්ත්වයන් අඩු වැඩි වශයෙන්  පවතින රජය විපක්ෂයේ සිටිය දී භාවිතා කළේය.

එමෙන්ම ප්‍රතිපත්තිමය තීරණයක් හරහා ඕනෑම නෛතික බාධාවක් ජය ගෙන  විසඳුම් සෙවිය හැකි බවට ඇති විශ්වාසය දේශපාලකයින් ජනතාව තුළ ඇති කරති.  ඕනෑම නෛතික බාධාවක් නව පනතක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජයගත හැකි බව දේශපාලන නායකයන් ගේ සුලබ අදහසය. විපක්ෂ නායකවරයාගේ අදහස ලෙස පෙනී යන්නේ  කැබිනට් මණ්ඩලය හරහා විශේෂ ප්‍රතිපත්තියක් සම්මත කරගෙන, ගුරු ව්‍යවස්ථාවට අතුරු වගන්තියක් එක් කර මෙම පිරිස බඳවා ගත හැකි බවය.  නමුත් මෙහිදී අනෙකුත් උපාධිධාරීන් අධිකරණයට යාමේ අවදානම ඔහු ඔහු සැලකිල්ලට ගන්නේ නැත.

එමෙන්ම සජිත් ප්‍රේමදාස සිය  ප්‍රකාශයන්හි නිතරම අවධාරණය කරන්නේ “වසර 5-10ක් උගන්වපු අයට ඇති අයිතිය” ගැනය. නීතියට වඩා මානුෂීය පදනම සහ සදාචාරාත්මක අයිතිය (Moral Right) ඉස්මතු කිරීම හරහා ඔහු උත්සාහ කරන්නේ නීතිමය තාක්ෂණික කරුණු (Technicalities) දේශපාලන වේදිකාවේදී අවලංගු  කිරීමට බව පෙනේ. නීතියේ ඇති සංකීර්ණත්වය ප්‍රකාශ කිරීම දේශපාලනිකව අවාසිදායකය. “නීතිය නිසා බැහැ” කීම වෙනුවට “රජයට අවශ්‍යතාවයක් නැති නිසා කරන්නේ නැහැ” කීම විපක්ෂයකට පහසුය.

විපක්ෂ නායකයා ගැන සමාජ අදහස

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාසගේ  ආධාරකරුවන් සහ ඇතැම් පිරිස් මෙය   ජනතාවට සමීප නායකයෙකුගේ ලක්ෂණයක් ලෙසත්, ජනතාව පීඩාවට පත් වන අවස්ථාවේදී ඔවුන් අසලට යන නායකයා ලෙසත්, පීඩිත කණ්ඩායම්වල හඬ පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත අවධාරණ කරන නායකයෙක්  ලෙසත් උත්කර්ෂයට නගනු පෙනේ.

එහෙත්  බහුතරයක් විචාරකයින් සහ සමාජ මාධ්‍ය පරිශීලකයින් පෙන්වා දෙන්නේ මෙය සාම්ප්‍රදායික මෙන්ම යල් පැන ගිය ඉතාම  “ප්‍රාථමික” දේශපාලන උපක්‍රමයක් බවයි.  වෘත්තීය ඉල්ලීම් මතුවන සෑම අවස්ථාවකම එතැනට ගොස් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම මගින් සැබෑ ගැටලුව යටපත් වී දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහය තීව්‍රව මතුවන  ආකාරය ඔවුහු පෙන්වා දෙති.

බලයේ සිටි කාලසීමාවන් තුළ මෙවැනි ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබාදීමට කටයුතු නොකර, විපක්ෂයේ සිටියදී  හඬ නගන විපක්ෂ නායකවරයා ජනතාවගේ විවේචනයට පමණක් නොව හාස්‍යයට ද ලක් වෙමින් තිබේ. ගැටලුවේ දිග පළල, එයට මැදිහත් විය හැකි ප්‍රවේශය, ඉන් ඇතිවන සමාජ ප්‍රතිරෝධයට ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය සම්බන්ධව පුරෝකථනයකින් තොරව සෑම සිදුවීමකටම ක්ෂණිකව සහභාගී වීම තුළින්  මාරාන්තික උපවාසත් ජෝක් එකක් බවට පත්කරවන මට්ටමේ විහිළුකාරයෙකුගේ  ස්වරූපය සජිත් ප්‍රේමදාස විසින් පෙන්වා දෙන බව මේ විචාරක අදහස්වලින් පෙනේ.

දේශපාලන වාසිය වෙනුවෙන්  ප්‍රසිද්ධියේ  පීචංවන විපක්ෂ නායකයෙකුට ඊලඟ අවස්ථාවක බලයට පත් වීමට ඇති අවස්ථාව ඉතාම දුරය.  බොහෝ දුරක සිටි නාමල් රාජපක්ෂ විපක්ෂයේ සැබෑ නායකයා ලෙස මතුවන්නට හැකි අවස්ථාව සජිත් ප්‍රේමදාස විසින්ම නිර්මාණය කරදීම එක්තරා ආකාරයකට දෛවෝපගතයය.

ඕනෑම විපක්ෂයකට මෙවැනි සිදුවීමක් යනු දේශපාලන අවස්ථාවකි. සැබෑව එය ය.  මේ රජය විපක්ෂයේ  සිටි අවස්ථාවල කිසිම මොහොතක මෙවැනි අවස්ථා මග හැරියේ නැති බවත් සිහි කළ යුතුව තිබේ.  නමුත් උපවාස කරුවන් සොයා ගොස් උදේ හවස මාධ්‍යයට වොයිස් කට් දීම අවසාන වශයෙන්  නිර්මාණය කරන්නේ පතාක විහිලුවකි. එම විහිළුව කෙළවර විශාල ව්‍යසනයක් නිර්මාණය කරනු ඇත්තේ සජිත් ප්‍රේමදාසට නොව සිය වෘත්තීය අයිතීන් වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරමින් සිටින අරගලකරුවන්ට බව කිව යුතුය.

මේ ලිපියත් බලන්න…

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාස භූමිය තුළ පෙනී නොපෙනෙන කතාව…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රවීන චිත්‍ර ශිල්පී බන්දුල හරිශ්චන්ද්‍රයෝ දිවි සැරියට සමු දෙති!

Next Post

සටන් විරාම යේ ඝාතන රැල්ල… ඊශ්‍රායලය ගාසා වැසියන් 31ක් ඊයේ දිනය තුළ මරා දමයි…  සටන් විරාම කාලය තුළ සිදුකළ ඝාතන ප්‍රමාණය 500 ඉක්මවයි…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.