බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාස භූමිය තුළ පෙනී නොපෙනෙන කතාව…

by editor
ජනවාරි 31, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පසුගිය ජනවාරි 26 වැනිදා ආරම්භ වූ සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාව අද වන විට මාරාන්තික උපවාසයක් දක්වා දුරදිග ගොස් තිබේ. අද (ජනවාරි 31) වන විට හයවැනි දිනටත් උපවාසය ක්‍රියාත්මකය.  

තරග විභාගයකින් තොරව ප්‍රායෝගික පරීක්ෂණයක පිහිටා  තම  වසර හතක  සේවා අත්දැකීම් පිළි ගනිමින් තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙස රජයට බල කිරීම මෙම උපවාසයේ අරමුණය.

මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාස භූමිය අතිශය ලාබ දේශපාලන  ගොහොරුවක් බවට පත් වී තිබේ.  අසුවන ඕනෑම දෙයක් භාවිතා කර    බලයට පැමිණීමට හැකිදැයි පරීක්ෂා කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ එම උපවාස භූමියට ගොස් තමන්ගේ රජයක් යටතේ මේ සංවර්ධන නිලධාරීන්ව විභාගයකින් තොරව ගුරු සේවයට බඳවා ගන්නා බව ලෙයින් ලියා දීමට පොරොන්දු වුනේය.

එම ඇසිය යුතු සංවාදය විපක්ෂ නායකවරයා ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සාමාජික් ලෙස පෙනී සිටින විරාජ් මනරංග නැමැති අය  අතර ඇති වන්නේ මේ ආකාරයෙනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ( උපවාස භූමියේ දී  මාධ්‍ය අමතමින් ) –  මේ උපාධි ධාරීන් එසේ මෙසේ උපාධි ධාරීන් නොවෙයි. නිකම්ම නිකම් සංවර්ධන නිලධාරින් කියලා මම දැක්කා විවිධ අය ප්‍රකාශ කරනවා.  එහෙම කතා කරන්න හොඳ නෑ. ඇත්ත වශයෙන්ම දාසය දාහක් නෙමෙයි. විසි දෙදාහක් පමණ .

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඒ විසි දෙදාහෙන් හය දාහක් පමණ මේක අතහැරලා ගිහිල්ලා. ඒකට මේ රජය වගකියන්නට ඕන.

සමගි ජන බලවේගය හැටියට මමත් මගේ කණ්ඩායමත් තමයි මේ ගුරු සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් මුල ඉඳලම පෙනී සිටියෙ. නමුත් අපට රාජ්‍ය බලය ලබා ගන්න ජන වරම ලැබුනේ නෑ.

ඒ ජන වරම ලැබුණා නම් මේ උපාධි ධාරී දරුවො ටික මාරාන්තික උපවාසයක තබා නිකම් උපවාසයකවත් යෙදෙන්නේ නෑ. ඒ නිසා අපි දන්නවා මේ දාසය දාහේ දාහත් දාහේ වටිනාකම. ඒ නිසා මේ බොරු කාර රජයෙන් අපි ඉල්ලීමක් කරනවා තව දුරටත් සාකච්ඡා වැඩක් නෑ. වැඩේ ක්‍රියාත්මක කරන්න.

විරාජ් මනරංග (ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සාමාජික)  – ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය –  දැන් අපට අඟහරවාදා සාකච්ඡාවක් ජනාධිපතිතුමා ලබලා දීලා තියනවා. එතකොට ඒ සාකච්ඡාව අසාර්ථක වුනොත් සර්ගේ රජයක් යටත් සාධාරණය ඉෂ්ඨ කරන්න සර් සූදානම් ද?

සජිත් ප්‍රේමදාස – අනිවාර්යයෙන්ම ඒක ඉෂ්ඨ කරනවා. ඒක අපි ලෙයින් අත්සන් කරලා කියනවා.

සජිත් ප්‍රේමදාස මේ තරම් ප්‍රාථමික තැනකට වැටී දේශපාලනය කිරීම අපේක්ෂා සහගත විපක්ෂයක් වෙනුවෙන් වූ ජනතා බලාපොරොත්තු සුන් වීමක් බව කිව යුතුව තිබේ. මානුෂික හේතූන් මත පදනම්ව මේ උපවාසය කරන මිනිසුන්ගේ වෑයම  මන්දබුද්ධික ලෙස දේශපාලනීකරණය කරගැනීමට ගොස් ඔවුන් මේ තරම් හෑල්ලු නොකිරීමේ වගකීම රටක විපක්ෂ නායකයෙක් ලෙස ඔහුට තිබුණු බව විශ්වාස කරමි.

රජයක් ලෙස මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ දී ගුරු සේවා ව්‍යවස්ථාව, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම නීතියේ උපදේශන සහ නියෝග මත ක්‍රියා කිරීමට සිදුවී තිබිණි. පසුගිය රජයන් විසින් සිදුකරනු ලැබුවේ ද එයමය. එවකට ආණ්ඩුකරණය කළ සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුව මේ සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නය පිළිබඳව දැරුවේ අද මේ ආණ්ඩුව දරන ස්ථාවරයමය. එදා බලයට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි මේ අණ්ඩුව දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ චන්දන සූරියආරච්චි යොදාගෙන මේ පිරිස මෙහෙයවමින් සිය දේශපාලන ගමන තහවුරු කරගත්තේ අද සජිත් ප්‍රේමදාසය විසින් පොරොන්ද වූ දේශපාලන පොරොන්දු ඉදිරිපත් කරගෙනය.

වෙනසකට ඇත්තේ මාලිමාව මේ මිනිසුන් දේශපාලනිකව භාවිතා කළේ සජිත් ප්‍රේමදාස තරම් ඔල මොට්ටල ගොබ්බ විදිහට නොවීමය.

මේ වනවිට මේ රජයට මෙම ගුරු සංවර්ධන නිලධාරීන්  තරග විභාගයකින් තොරව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගත නොහැක්කේ කුමක් නිසාදැයි මුලින්ම සබුද්ධිකව විමසා බැලීම වැදගත්ය.

රජය තරග විභාගයක් පවත්වන්නේ ඇයි?  

රජය ගුරු සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ දී  තරග විභාගයක් සඳහා යොමු වීමට ප්‍රධාන වශයෙන් කරුණු තුනක් බලපා තිබේ.

  1. ගුරු සේවා ව්‍යවස්ථාව: ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම් සිදු කළ හැක්කේ අනුමත සේවා ව්‍යවස්ථාවට අනුවය. එම ව්‍යවස්ථාවට අනුව රජයේ සේවයේ සිටින වෙනත් නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී විධිමත් තරග විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය වේ.
  2. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්ථාවරය: ඕනෑම රජයේ සේවකයකු එක් සේවාවක සිට තවත් සේවාවකට මාරු වීමේදී (Cross-service recruitment) විනිවිදභාවය රැක ගැනීම සඳහා තරග විභාගයක් අවශ්‍ය බව කොමිෂන් සභාවේ මතයයි. එසේ නොමැතිව සිදු කරන බඳවා ගැනීම් මගින් සේවයේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු මතු විය හැකි බව ඔවුන් තර්ක කරයි.
  3. අධිකරණ තීන්දු සහ නිර්දේශ: මීට පෙර අවස්ථාවලදී සුදුසුකම් රහිත බඳවා ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දු මගින් අවධාරණය කර ඇත්තේ, පොදු බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව පුද්ගලයන් සේවයට අන්තර්ග්‍රහණය කිරීම “සමාන අවස්ථා අහිමි කිරීමක්” ලෙස සැලකිය හැකි බවයි.

මේ සම්බන්ධව පවතින නෛතික තත්ත්වය තව දුරටත් සාකච්ඡා කිරීම මේ ගැටලුවේ ස්වරූපය හඳුනා ගැනීමට වැදගත් වේ.

ගුරු සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීම සඳහා පසුගිය රජය සමයේ දී තරග විභාගයක් පැවැත්වීමට කටයුතු කළේය. එවකට අධ්‍යාපන ඇමතිවරයා සුසිල් ප්‍රේමජයන්තය. මේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගුරු පුරප්පාඩු පිරවීම සඳහා සූදානම් වෙද්දී  මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් (උදාහරණ ලෙස SC/FR 113/2023 වැනි පෙත්සම්) ගොනු විය. මෙහිදී ප්‍රධාන වශයෙන් පාර්ශව දෙකක් සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියහ:

පළමු පාර්ශවය ගුරු සංවර්ධන නිලධාරීන්ය. ගුරු සේවයට බඳවා ගැනීමේදී වයස් සීමාව ඉහළ දැමීම සහ සේවා පළපුරුද්ද සලකා විභාගයකින් තොරව බඳවා ගන්නා ලෙස මේ පිරිස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

දෙවන පාර්ශවය  විභාගය අපේක්ෂිත අනෙකුත් උපාධිධාරීන්ය. සංවර්ධන නිලධාරීන්ට පමණක් විශේෂ අවස්ථාවක් ලබා දීම මගින්, විවෘත සමාජයේ සිටින අනෙකුත් සුදුසුකම් ලත් උපාධිධාරීන්ට ගුරු සේවයට ඇතුළත් වීමට ඇති සමාන අවස්ථා අහිමි වන බවට ඔවුහු තර්ක කළහ.

මේ තත්ත්වය තුළ  සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා   ගැනීමේ පටිපාටිය (Recruitment Procedure) අධිකරණය ඉදිරියේ  අභියෝගයට ලක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණය විසින් එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය සහ විභාගය පැවැත්වීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවේය.

මෙහිදී අධිකරණයේ ප්‍රධාන අවධානය යොමු වූයේ ගුරු සේවා ව්‍යවස්ථාවට (Teacher Service Minute) පටහැනිව සහ විධිමත් බඳවා ගැනීමේ පටිපාටියකින් බැහැරව පත්වීම් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය (සමානත්වය පිළිබඳ අයිතිය) උල්ලංඝනය කිරීමක් ද යන්න පිළිබඳවය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, රජය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පසුව අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට තීරණය කළේය. එහිදී වැදගත් කරුණු කිහිපයක් තහවුරු විය:

  1. විභාගයේ අනිවාර්යභාවය: ගුරු සේවයේ ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා විධිමත් තරග විභාගයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත්, එය ව්‍යවස්ථානුකූල බවත් අධිකරණය පිළිගත්තේය.
  2. වයස් සීමාව ලිහිල් කිරීම: සංවර්ධන නිලධාරීන් දැනටමත් රජයේ සේවයේ නිරතව සිටින බැවින්, ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමේදී පවතින වයස් සීමාවන් (වයස අවුරුදු 45 දක්වා) ලිහිල් කිරීමට රජය ගත් තීරණය සාධාරණ බව පෙනී අධිකරණයට ගියේය.
  3. පත්වීම් ලබා දීමේ ක්‍රමවේදය: විභාගයෙන් සමත් වන පිරිස පමණක් බඳවා ගැනීමට රජයට අවසර ලැබුණු අතර, එමගින් නෛතික බාධාව ඉවත් විය.

විභාගය ප්‍රමාද වීමට වර්තමාන හේතුව

අධිකරණයෙන් විභාගය පැවැත්වීමට අවසර ලැබුණද, එය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගුණු පරිපාලනමය ගැටලු සහ ගුරු සේවා ව්‍යවස්ථාවට අදාළ සංශෝධන අනුමත කරවා ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් විභාගය තවදුරටත් කල් ගියේය.

සංවර්ධන නිලධාරීන් දැන් විරෝධතාවයේ නිරත වන්නේ ඒ විභාගයට එරෙහිවය.

තේරුම් ගත යුතුවන ප්‍රධාන කාරණය නම්  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල හරය වූයේ “කිසිදු බඳවා ගැනීමක් ගුරු සේවා ව්‍යවස්ථාවට සහ සමාන අවස්ථා ලබා දීමේ ප්‍රතිපත්තියට පටහැනිව සිදු කළ නොහැකි” බවයි.

රජය තරග විභාගයක් පැවැත්වීමට දැඩිව උත්සාහ කරන්නේ අධිකරණය ඉදිරියේ නැවතත් මෙවැනි නෛතික අර්බුදයක් මතු වීම වැළැක්වීම සඳහාය.

අධිකරණ නියෝග මගින් තහවුරු වන ගුරු සේවා ව්‍යවස්ථාව

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දු හා අර්ථකථන හරහා ගුරු සේවා ව්‍යවස්ථාවේ (Teacher Service Minute) ඇති වැදගත්කම සහ එහි පරිශුද්ධභාවය දැඩි ලෙස අවධාරණය කෙරිණි.

අධිකරණයේ අර්ථකථනය ප්‍රධාන කරුණු 4ක් ඔස්සේ පැහැදිලි කළ හැකිය:

  1. ගුරු සේවා ව්‍යවස්ථාව යනු “විශේෂිත නෛතික ලේඛනයක්” බව පිළිගැනීම මෙහිදී සිදුවිය. අධිකරණය පෙන්වා දුන්නේ ගුරු සේවය යනු සෙසු සාමාන්‍ය රාජ්‍ය සේවාවන්ට වඩා වෙනස්, වෘත්තීයමය සුදුසුකම් මත පදනම් වූ විශේෂිත සේවාවක් බවයි. ඒ අනුව ගුරු සේවා ව්‍යවස්ථාවේ සඳහන් බඳවා ගැනීමේ පටිපාටිය (SOR) මඟහැර යාමට රජයට හෝ අමාත්‍ය මණ්ඩලයට හිතුමතේ තීරණ ගත නොහැකි විය. ඕනෑම බඳවා ගැනීමක් අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාවේ සඳහන් අවම සුදුසුකම් හා ක්‍රමවේදයට අනුකූල විය යුතු වූයේය.
  2. ‘අන්තර්ග්‍රහණය’ (Absorption) සහ ‘බඳවා ගැනීම’ (Recruitment) අතර වෙනස මෙහිදී පැහැදිලි විය. සංවර්ධන නිලධාරීන් ඉල්ලා සිටි “සෘජු අන්තර්ග්‍රහණය” සම්බන්ධයෙන් අධිකරණය වැදගත් අර්ථකථනයක් ලබා දුන්නේය. එනම් සංවර්ධන නිලධාරීන් අයත් වන්නේ ඒකාබද්ධ සේවයට (Combined Service) මිස අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවාවන්ට නොවන බවය. එබැවින් ඔවුන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම “සේවා මාරුවක්” ලෙස නොව, “නව බඳවා ගැනීමක්” ලෙස සැලකිය යුතු බවට අධිකරණය තීන්දු කළේය. එමෙන්ම නව බඳවා ගැනීමකදී තරග විභාගයක් පැවැත්වීම මගින් කුසලතාව (Meritocracy) තහවුරු කිරීම ද ගුරු සේවා ව්‍යවස්ථාවේ මූලික අරමුණක් බව අධිකරණය අවධාරණය කළේය.
  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය සහ සමාන අවස්ථා මූලධර්මය අධිකරණය යළිත් සලකුණු කළේය.  අධිකරණයේ අර්ථකථනයට අනුව, ගුරු සේවා ව්‍යවස්ථාවෙන් පිටතට ගොස් සංවර්ධන නිලධාරීන්ට පමණක් විශේෂ වරප්‍රසාද ලබා දීම අනෙකුත් උපාධිධාරීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස අවධාරණය කෙරිනි.. රජයේ සේවයේ නොමැති, එහෙත් ගුරු සේවයට සුදුසුකම් ඇති අනෙකුත් උපාධිධාරීන්ටද අයදුම් කිරීමට ඇති අවස්ථාව මෙමගින් අහුරා නොදැමිය යුතු බව ද අධිකරණය අවධාරණය කළේය. තරග විභාගයක් පැවැත්වීම යනු එම “සමාන අවස්ථා” තහවුරු කරන නෛතික මෙවලම බව අධිකරණය කීවේය. .
  2. වෘත්තීය සුදුසුකම් සපුරාලීමේ කාලරාමුව ගැන අවධානය යොමු විය. ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරයකු ලෙස ස්ථිර වීමට නම් අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (PGDE) වැනි වෘත්තීය සුදුසුකම් අවශ්‍ය වේ.අධිකරණය මෙහිදී නම්‍යශීලී අර්ථකථනයක් ලබා දෙමින් පවසා සිටියේ, සේවයට බඳවා ගැනීමෙන් පසු නියමිත කාලයක් තුළ (සාමාන්‍යයෙන් වසර 3-5ක්) මෙම සුදුසුකම් සපුරාලීමට අවස්ථාව ලබා දීම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවයි. නමුත් මූලික බඳවා ගැනීමේදී “තරග විභාගය” යන කොන්දේසිය ඉවත් කිරීමට අධිකරණය එකඟ නොවීය.

ලෙයින් ලියා දී කළ හැක්කේ කුමක් ද?

අධිකරණයේ ස්ථාවරය වූයේ “පරිපාලනමය තීරණ මගින් ගුරු සේවා ව්‍යවස්ථාව යටපත් කළ නොහැකි” බවය. රජය දැන් තරග විභාගයක් සඳහා බලකර සිටින්නේ අධිකරණය විසින් ලබා දුන් මෙම “ව්‍යවස්ථානුකූල බඳවා ගැනීමේ” අර්ථකථනය උල්ලංඝනය කළහොත් සම්පූර්ණ පත්වීම් ක්‍රියාවලියම නැවත වරක් නීති විරෝධී විය හැකි බැවිනි.

මෙම නෛතික පසුබිම මත, සංවර්ධන නිලධාරීන් ඉල්ලා සිටින “ප්‍රායෝගික පරීක්ෂණය” පමණක් පදනම් කරගත් බඳවා ගැනීමක් සිදු කිරීමට නම් ගුරු සේවා ව්‍යවස්ථාවට විශේෂිත සංශෝධනයක්   ගෙන ඒමට රජයට සිදුවන්නේය.

අධිකරණ නියෝග සහ ගුරු සේවා ව්‍යවස්ථාවේ නෛතික සීමාවන්ට යටත්ව, සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව විසඳීම සඳහා රජය මේ වන විට ද්විත්ව උපායමාර්ගික ක්‍රමවේදයක් (Dual-track approach) යෝජනා කර ඇත. එහි ප්‍රධාන පියවර මෙසේය:

  1. වයස් සීමාව ඉවත් කර තරග විභාගයක් පැවැත්වීම

සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයට එක්වීම සඳහා පවතින සාමාන්‍ය වයස් සීමාවන් බාධාවක් නොවන පරිදි විශේෂ ගැසට් නිවේදනයක් මගින් අවස්ථාව ලබා දීම රජයේ මූලික විකල්පයයි.  මෙහිදී දැනට රජයේ සේවයේ නිරත සියලුම උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට ඔවුන්ගේ වයස නොතකා විභාගයට පෙනී සිටීමට ඉඩ ලබා දී ඇත.

අධිකරණය අවධාරණය කළ “කුසලතාවය මත බඳවා ගැනීම” යන නීතිමය අවශ්‍යතාවය මෙයින් සපුරාලනු ලබයි.

  1. සේවා පළපුරුද්ද සඳහා අතිරේක ලකුණු ලබා දීම

සංවර්ධන නිලධාරීන් වසර 7ක් තිස්සේ පාසල් පද්ධතියේ සේවය කර ඇති බැවින්, එම පළපුරුද්දට සාධාරණයක් ඉටු කිරීම සඳහා පත්වීම් ලබා දීමේ සම්මුඛ පරීක්ෂණයේදී “සේවා පළපුරුද්ද” සඳහා විශේෂ ලකුණු ප්‍රමාණයක් වෙන් කිරීමට රජය යෝජනා කර ඇත.

මෙමගින් විවෘත සමාජයෙන් පැමිණෙන නවක උපාධිධාරීන්ට වඩා සංවර්ධන නිලධාරීන්ට ප්‍රමුඛතාවයක් ලැබෙනු ඇතැයි රජය තර්ක කරයි.

  1. ‍පළාත් සභා මට්ටමින් බඳවා ගැනීම් ලිහිල් කිරීම

මධ්‍යම රජයේ පාසල්වලට (ජාතික පාසල්) අමතරව, පළාත් සභා මට්ටමින් පවතින දැඩි ගුරු පුරප්පාඩු පියවීම සඳහා පළාත් පාලන ආයතන හරහා විශේෂ බඳවා ගැනීමේ පටිපාටි සකස් කිරීමට රජය අවධානය යොමු කර ඇත. ඇතැම් පළාත් සභා මගින් අදාළ විෂයයන්ට අදාළව පමණක් සීමිත විභාග පවත්වා ඔවුන් කඩිනමින් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

රජය මේ වන විට උත්සාහ කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විශේෂ අනුමැතියක් යටතේ, “සීමිත තරග විභාගයක්” (Limited Competitive Examination) පවත්වා, එහි සමත් ලකුණු මට්ටම (Cut-off mark) පහළ අගයක රඳවා ගනිමින් උපරිම පිරිසකට ගුරු සේවයට ඇතුළු වීමට මාවත සකස් කිරීමටය.

උපවාසයේ නිරත පිරිස සැලකිල්ලට ගෙන, රජය මගින් ඉදිරි දින කිහිපය තුළ මෙම “සීමිත විභාගයේ” කොන්දේසි තවත් ලිහිල් කරන නිල නිවේදනයක් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ මාරාන්තික උපවාසය ආරම්භ වී ඇත්තේ මේ තරම් පැහැදිලි සාධනීය නෛතික කරුණු ගණනාවක් ඉදිරියේ ඇහිරී ඇති මානුෂික ගැටලුවක් සම්බන්ධවය. මේ මානුෂික සංවේදනයන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පේව්මන්ට් එකේ දමා සජිත් ප්‍රේමදාසලා සිල්ලරට අලෙවි කරමින් සිටිති.

මේ වෘත්තීය අරගලය සැලසුම් කළ පිරිස  මේ මජර දේශපාලනයේ  ගැත්තන් ද, ඔවුන් සැබෑ මිනිස්සුනගේ ප්‍රශ්නය තුට්ටු දෙකට දේශපාලන අවශ්‍යතා මත වෙන්දේසි කළා ද  යන්න පිළිබඳ ප්‍රශ්නයක් අද විපක්ෂ නායකවරයාගේ සහ මෙම සංගමයේ ලේකම් මනුරංගගේ සංවාදය ඔස්සේ මතුවුන කරුණු අතර හොල්මන් කරනු දුටුවෙමි.

එය කිසිම වෘත්තීය අරගලයක් තුළ තවරා ගත නොයුතු දුර්වර්ණයක් බව විශ්වාස කරමි

විරාජ් මනුරංග – ජනපති සමග සාකච්ඡාව අසාර්ථක වුනොත් සර්ගේ රජයක් යටත් සාධාරණය ඉෂ්ඨ කරන්න සර් සූදානම් ද?

සජිත් ප්‍රේමදාස – අනිවාර්යයෙන්ම ඒක ඉෂ්ඨ කරනවා. ඒක අපි ලෙයින් අත්සන් කරලා කියනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්…

Next Post

මුලතිව් භූ කම්පනය ප්‍රදේශ ගණනාවකට දැනිලා…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.