විධායක ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගැනීමට හෙට (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ඡන්දයට ඉදිරිපත් වීමට නාමයෝජනා භාරදීමට සූදානම් වී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම තරගයට ඉදිරිපත් නොවීමට අද (19) මීට ස්වල්ප මොහොතකට පෙර තීරණය කළේය.
අද උදේ ඩලස් අලහප්පෙරුම සහ සජිත් ප්‍රේමදාස අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් දෙදෙනා මෙම එකඟතාවයට පැමිණ තිබේ. එම එකඟතාවයට අනුව ඩලස් අලප්පෙරුම ජනාධිපති ධුරයට ඉදිරිපත් වී එම අණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට සජිත් ප්‍රේමදාසට ලබා දීමට සැලසුම් වී ඇත.
ඒ අනුව සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ඩලස් අලහප්පෙරුමට ලබා දීමට නියමිතය.
අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපති ධුර අපේක්ෂයන්ගේ නම් යෝජනා කරන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කළේය. ජී.එල් පීරිස් ස්ථිර කළේය. රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළේ දිනේෂ් ගුණවර්ධනය. ස්ථිර කළේ මනුෂ නානායක්කාරය. අනුර කුමාර දිසානායකගේ නම විජිත හේරත් විසින් ඉදිරිපත් කළේය. හරිනි අමරසූරිය ස්ථිර කළාය.
ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළේ එක් මන්ත්‍රිවරයෙකුට වඩා නාම යෝජනා ඉදිරිපත් වී ඇති බැවින් කලින් පක්ෂ නායක රැස්වීමේ දී යෝජනා වී ඇති ආකාරයට හෙට ( 20) පාර්ලිමේන්තුව රැස් වී මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට නියමිත බවය..
පාර්ලිමේන්තුව හෙට උදේ 10 තෙක් කල් තිබ්බේය.