ලලිත් චාමින්ද –
ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි හා සමගිජන බලවේගයේ බද්දේගම ආසනයේ ප්‍රධාන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩට අද (21) උදැසන ඔහුගේ නිවසට පැමිණි අයෙකු බැණ මරණිය තර්ජනය කළ බවට මන්ත්‍රිවරයා විසින් පොලිසියට පැමිණිල්ලක් කොට ඇති බව නාගොඩ පොලිසිය පවසයි.
හිටපු මන්ත්‍රිවරයා උදෑසන මිදුල අතුගාමින් සිටියදි හිස්වැසුමක් පැළඳ කොණ්ඩය වවාගෙන පැමිණි අයෙකු පාරක් ඇසු බවත් පසුව ඔහු වැඩිය දඟලන්න එපා කියා මරණිය තර්ජනය කළ බවත් මන්ත්‍රිවරයා විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ පිළිබද හිටපු පාර්ලමේන්තු මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ ගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.
“අළුයම 4.00ට පමණ අවදිවෙලා මිදුල අතුපතු ගාලා ආගමික කටයුතු කිරිම මා පුරුද්දක් වශයෙන් කරණවා. අද (21) අළුයම හිස්වැසුමක් දමාගත්තු රැවුල හා කොණ්ඩය වවලා හිටපු අයෙක් මාගේ නිවසට පැමිණියා. පාරක් අහන්න ආවේ කියලා ඔහු කිවා. මා ඇසුවා කොහෙද කියලා. ඒ සමග වැඩිය දඟලන්න එපා. කියලා මට මරණවා කියලා තර්ජනය කළා. යතුරුපැදිය මාර්ගයේ නතර කරලා තිබුණේ. ඒ සමග ඔහු පලාගියා“ යැයි හිටපු මන්ත්‍රිවරයා කිවේය.
නාගොඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්දව පරික්ෂණ පවත්වයි.







