ඊයේ සමගි ජනබලවේගය විසින් කොළඹ දී පැවැත්වූ විරෝධතාවයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රකාශයක් සිදුකළේ යැයි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන මස 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද (17) නියෝග කළේය.
එහදී නියෝගයක් නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට ප්‍රකාශ කළේ සැකකරු මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.







