රජයේ රෝහල්වල මේ වනවිට හිඟ වී ඇති ඖෂධ වර්ග අතරින් අත්‍යවශ්‍ය හෘදයාබාධ සඳහා භාවිත කරන ජීවිතාරක්ෂක එන්නතක් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කෝටි තුනකට අධික මුදලක් වැය කොට ලබා දීමට සමගි ජනබලවේගය මේ වනවිට ඉදිරිපත්ව ඇති බව විපක්ස නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර විපක්ෂ නායකවරයාගේ එම පියවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රසාදය පළ කරමින් සඳහන් කළේය. විපක්ෂ නායකවරයාට අනුව හෘදයාබාධවලදී භාවිත කරන ස්ට්‍රෙප්ටොකයිනේස් එන්තත සහ ජී.ටී.එන් ඖෂධය මෙලෙස ලබා දෙන බව විපක්ස නායකවරයා පැවසීය.
සමිග ජන බලපවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ දායකත්වයෙනුත් පක්ෂයේ ආධාරකරුවන්ගේ දායකත්වයෙනුත් මෙම ඖෂධ පබා දෙන බව ඔහු සඳහා කළ අතර සිය පක්ෂය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මෙම ඖෂධ ලබා දෙන බව ප්‍රකාශ කළේය.
එසේම සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ මීට අමතර ව රුපියල් මිලියන 130ක පමණ වටිනා වෛද්‍ය ආධාර මේ වනවිට ලබා දී ඇති බවය.
අග්‍රමාත්‍යවරයා මෙය අගය කරමින් සඳහන් කළේ අපට වගා සංග්‍රාමය වැනි පියවරවලදීද එක්ව සියලු දෙනා වැඩ කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.