ඇල්පිටිය ප්‍රදේශයේ සඟවා තිබූ ටී-56 ගිනි අවියක්, මැගසින් දෙකක් සහ උණ්ඩ 45 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදී මෙම භාණ්ඩ සොයා ගත් බව පොලිසිය පැවසීය.
මෙම මෙහෙයුම අම්පාර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතී.







