කීර්ති ප්‍රනාන්දු –
තෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ අත්තනෝමතික තීරණයක් මත මාර්තු මාසය තුළ දී මාස හතරක කාලයකට අදාල මාසික පරිහරණ ගාස්තුව හෙට (04) ඉන්ධන බෙදුම්කරුවන් විසින් තැන්පත්කරන මුදලින් අයකරගැනීමට විරෝධය දක්වා හෙට දින තෙල් සංස්ථාව මගින් පාලිත සියලුම බෙදුම්කරුවන් ඉන්ධන ලබා ගැනීමට අදාල මුදල් තැන්පත් නොකිරීමට තීරණය කර ඇතැයි බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
ප්‍රාදේශීය කළමණාකාරවරුන් විසින් මාසික පරිහරණ ගාස්තුව පිළිබඳ දන්වා එවා ඇති තර්ජනාත්මක ලිපිය ප්‍රතික්ෂේප කිරීමටත්, එහි සඳහන් පරිදි හෙට (4) දින ඉන්ධන තොග ලබාගැනීමට තැන්පත් කරන මුදලින් එම මාසික පරිහරණ ගාස්තුව අය කර ගැනීමේ තීරණයට විරෝධය ප්‍රකාශ කිරීමටත්, හෙට දින ඉන්ධන සඳහා මුදල් තැන්පත් නොකරන ලෙස සංස්ථා පාලිත බෙදුම්කරුවන් 176 දෙනෙක් විසින් ඒකමතිකව පත්කළ සංගමයේ විධායක කමිටුව සියලුම බෙදුම් කරුවන් වෙත දන්වා තිබේ.
එමෙන්ම හෙට (4) දින සිවිල් අභියාචනාධිකරණයට අභියාචනාවක් ගොනු කර නැවත මෙම අය කිරීමට විරැද්ධව වාරණ නියෝගයක් ලබාගැනීමට ද බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර ඇත.
18% වැට් බද්ද පවා බෙදුම්කරුවන්ගෙ හිස මත පතිත කර ඇති මොහොතක 35% ක්වු මාසික පරිහරන ගාස්තුවක් ගෙවීමට එකඟතාවයක් පලකිරීමට නොහැකි බැවින් මෙවැනි දැඩි තිරණයක් ගැනීමට සිදුවූ බව සංගමය කියයි.
වැට් බද්ද ගෙවීමෙන් සිදුවී ඇති හානිකර තත්වය තවත් තීව්‍ර කරන මෙවැනි බදු අයකරගැනීමෙන් සියලුම බෙදුම්කරුවන්ට එල්ල වී ඇති තර්ජනය විසඳා ගැනීම සඳහා සංස්ථා, IOC, සයිනොපැක්, ඇතුළු සියලු තෙල් සමාගම් අලෙවි නියෝජිතයන්ට ඒකරාශී වන ලෙස ද සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය ආරාධනා කරයි.