දිනසේන රතුගමගේ
ඊයේ (02) රාත්‍රියේ මුලතිව් මුල්ලියාවලෙයි කණුක්කේණී ප්‍රදේශයේ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරියෙකුව යතුරු පැදියක හප්පා පසුව එම පොලිස් නිලධාරියාට පහර දුන් තරුණයින් දෙදෙනෙක් පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුරෙන් හා පහර කෑමෙන් තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.
පොලිසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී එම තරුණයින් දෙදෙනා පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරෙන යතුරු පැදියක් මාර්ගයක් අසල දමා තිබියදී සොයා ගෙන තිබේ.
මුල්ලියාවලෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







