සූරියවැව නුවන් ජයසේකර –
සංචාරයක් සදහා මෙරටට පැමිණ තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි චින ජාතික කාන්තාවන් තිදෙනෙකුගේ මුදල් හා කැමරාවක් හෝටලයේදී කිසියම් අයෙකු සොරාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කිරින්ද පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් අදාල චින ජාතික කාන්තාවන් තිදෙනා විසින් කිරින්ද පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.
මෙම චීන කාන්තාවන් 2024.08.09 දින සිට 2024.08.17 වන දින දක්වා සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ කිරින්ද ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







