දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන සඳුදා (21) උදෑසන 4ට ඉවත් කිරීමට තීරණය කර තිබේ.
නැවතත් සංචරණ සීමා පනවනු ලබන්නේ 23වන දා රාත්‍රී 10ට බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
එසේ පැනවෙන සංචරණ සීමා 25 වන දා උදෑසන 4 තෙක් ක්‍රියාත්මක වන බව ද ඔහු කියා සිටියේය.
සංචරණ සීමා ලිහිල් කළ කාලය තුළ පළාත් අතර සංචරණය සීමා කිරීම එසේම බලපැවැත්වෙන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මහජන රැස්වීම්, පොදු ස්ථානවල එකතුවීම හා උත්සව පැවැත්වීම ද එම කාලයේ දී තහනම් වන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.