ලලිත් චාමින්ද –
මෙරට ජනගහනයෙන් පුද්ගලයින් 2,281 දෙනෙකු හිසට වහලක් නොමැතිව එළිමහනේ ජිවත්වන බැව් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති ජන හා නිවාස සංගණනය පිළිබද (2024) වාර්තාවේ සඳහන් වේ.
මෙම පුද්ගලයින් සාමාන්‍ය පදිංචි ස්ථානයක් නොමැතිව එළිමහනේ ජිවත්වන බවද අදාල වාර්තාවේ සදහන් වේ. හිසට වහලක් නොමැතිව එළිමහනේ ජිවත් වන පුද්ගලයින් අතුරින් 841ක් වු වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි. මින් කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 536 දෙනෙකු එළිමහනේ ජීවත්වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එළිමහනේ ජිවත්වන සංඛ්‍යාව 229කි.
හිසට වහලක් නොමැතිව එළිමහනේ ජිවත්වන අඩුම පුද්ගලයින් සංඛ්‍යාවක් වාර්තාවි ඇත්තේ නැගෙනහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 73කි.
එමෙන්ම උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් හිසට වහලක් නොමැති පුද්ගලයින් කිසිවෙකු හෝ වාර්තා වි නොමැති බවද මෙම වාර්තාවේ සදහන් වේ







