කීර්ති ප්‍රනාන්දු –
2023 වසර සඳහා 6 ශ්‍රේණියේ කඩඉම් ලකුණු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ 2023 වසර සඳහා 6 ශ්‍රේණියේ කඩඉම් ලකුණු මෙතෙක් නිකුත් කර නොමැති බවය.
2023 වසරේ 6 ශ්‍රේණියේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය