පානදුර සුමිත් පොතුපිටිය –
කළුතර පලාතොට ප්‍රදේශයේ සිය නිවසේ දී තියුණු ආයුධයකින් කපා කොටා තරුණයෙකු ඝාතනය කර තිබේ. අද (07) දහවල් 2.20ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත්තේ කළුතර පලාතොට පාර තේක්කවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් තුළදීය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පින්නදුව හේවාගේ අනුරුද්ධ ධනංජයද සිල්වා නැමැති 27 හැවිරිදි තරුණයෙකි.
ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලද තරුණයා ත්‍රීරෝද රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහල් ගතකිරීමේදී මියගොස් තිබේ.
ඝාතකයා සොයා පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලිසිය සදහන් කරයි.
කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් (SOCO ) , කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් , පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිල සුනඛ මාකෝ ද යොදා පරීක්ෂණ සිදුකරන ලදී.
මෘතදේහය කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය., මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබුණි.
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍ර්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ ගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් සිල්වා සහ උප පොලිස් පරීක්ෂක උපුල් හර්ෂ කුමාර ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වති .