ශ්‍රියානි විජේසිංහ –
පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු වලින් සියයට 30ක ප්‍රතිශතයක් 4 සහ 5 ශ්‍රේණිවල පංතිකාමට තුළදී ලබා යුතු වන සේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියි.
එය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම බවත් අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මගින් සිදු කෙරෙන බවත් මෙම නියමු ව්‍යාපෘතිය වසර 2025 වර්ෂයේදී ආරම්භ කිරීමට නියමිත බවත් ඇමතිවරයා සඳහන් කළේ ය.
නව ලොව අධ්‍යාපන ප්රවණතා සැලකිල්ලට බඳුන් කර සැලසුම් කර ඇති මෙම අධ්‍යාපන ක්‍රමවේද අනුව වයස අවුරුදු 21 වන ව්ට පළමු උපාධිත් 23 වන විට පශ්චාත් උපාධි සහ 27න් ආචාර්ය උපාධියත් ලබා ගැනීමට ඉදිරියේ දී දරුවන්ට අවකාශ උදා වන බවත් අමාත්‍යවරයා අමාත්‍යවරයා පැවසුවේය.