අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගේ ජීවිතය පිළිබඳව අද බරපතල අවදානමක් තිබෙන බවත්, ඔහු ස්වාභාවික ඝාතනයකට ලක් කිරීම පිළබඳව සාධාරණ සැකයක් මතුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහුගේ ජීවිතය ආරක්ෂා කර දීමට ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු කරමින් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.
අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී මේ සිද්ධිය අවධානයට ලක් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශානි අබේසේකර සම්බන්ධයෙන් ඔහු ඉලක්ක කර ගත් වර්තමාන රජයේ ක්‍රියාදාමය ඉතාම කනගාටුදායක සහ බියගුලු එකක් බවත් සඳහන් කළේය.
ඊට ප්‍රතිචාර දැක්වූ සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන ශානි අබේසේකර සම්බන්ධයෙන් යම් යම් චෝදනා පවතින අතර ඒවා විභාග කරන බවත් අත්අඩංගුවට ගන්නා හෝ සිර භාරයට ගන්නා සියලුම පුද්ගලයන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත් එවැනි පුද්ගලයන් ආරක්ෂා කිරීමට රජය පියවර ගන්නා බවත් සඳහන් කළේය.
පසුගිය රජය කාලයේ නියොජ්‍ය පොලිස්පති අනුර සේනානායක ද අත්අඩංගුවට ගෙන සිරභාරයේ රඳවාගෙන සිටි බවත් ඔහු ගේ ජීවිතය ක්‍රමානුකූලව විනාශ වෙන්නට පසුගිය රජය කටයුතු කළ බවත් සඳහන් කළ අතර වර්තමාන රජය කිසිදු පුද්ගලයකුට එසේ පළිගැනීමේ චේතනාවෙන් කටයුතු නොකරන බවත් පවසා සිටියේය.