උසස් පෙළ විභාගයට මුහුණ දෙන කාලය තුළ විදුලිය කප්පාදුවට ලක් කිරීමෙන් එම සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවත් මේ තත්ත්වය තුළ මෙම සිසුන්ට මූලික අයිතිවාසිකම් නඩු පැවරිය හැකි බවත් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එබැවින් මේ තත්ත්වය සලකමින් උසස් පෙළ විභාගය අවසන් වන ලබන පස් වැනිදා දක්වා මෙම සිසුන්ට සාධාරණයක් වන පරිදි විදුලිය කප්පාදුව නැවැත්වීමට කටයුතු කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
මේ පිළිබඳව ප්‍රතිචාර දැක්වූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (22) රාත්‍රි පැවැති විශේෂ කැබිනට් සාකච්ඡාවේදීද මේ සම්බන්ධව කතා බහට ලක් වූ බවත් උසස් පෙළ සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි එම කටයුතු කිරීම පිළිබඳව උපදෙස් ලබා දුන් දන්වා සිටියේය.
ප්‍රශ්නය අවධානයට ලක් කළ රනිල් වික්‍රමසිංහට ද අධ්‍යාපන ඇමතිවරයා ස්තූති කළේය.