ශාන්ත ජෝශප් විදුහල් රග්බි පිලේ ප්‍රධාන පුහුණුකරු නිල්ෆර් ඊබ්‍රහිම් පල්ලෙකැලේ කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව පැවැති තරගයෙන් අනතුරුව පහරකෑමට ලක්ව තිබේ.
සාන්ත ජෝසප් ක්‍රීඩකයින් නිවැරැදි උත්සාහක දිනුම් වාර්තා කරමින් ලකුණු 48-15ක් ලෙස මහනුවරදී ජයග්‍රහණය කළේය.
ඊබ්‍රහිම් යනු කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර කිංග්ස්වුඩ් රග්බි සංගමය නිවේදනයක් නිකුත් කරමින්, “දෙමව්පියෙකු සහ අපගේ ගෞරවනීය ආදි ශිෂ්‍ය නිල්ෆර් ඊබ්‍රහිම් සම්බන්ධ සිදුවීම මේ වන විට කිංග්ස්වුඩ් රග්බි සංගමයේ සහ පාසල් නිලධාරීන්ගේ විමර්ශනයට ලක්ව ඇති බව අපි ඔබට දන්වා සිටිමු…” යැයි සඳහන් කර ඇත..
මේ අතර තමා පේරාදෙණිය මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් තරගයෙන් පසුව ප්‍රේක්ෂකයෙක් පහරදීම නිසා තමාගේ දණහිසට සහ අතකට තුවාල වී ඇති බවත් ඔහු මාධ්‍යට පවසා තිබේ.