දිනසේන රතුගමගේ –
යාපනයේ තෙන්මරච්චි මට්ටුවිල් ප්‍රදේශයේ පදිංචි පනස් නව හවිරිදි පුද්ගලයෙකු සිය රැවුලේ ආධාරයෙන් කිලෝ ග්‍රෑම් 1550 ක් බර වාහනයක් විනාඩි 7 යි තප්පර 48 ක කාලයකින් මීටර් 400 ක දුරක් ඇදගෙන ගොස් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
සෙල්ලයියා තිරුචෙල්වම් නැමති මොහු කාලාන්තරයක්ම යාපනයේ කෝවිල්වල උත්සව පැවැත්වෙන විට මහජන ප්‍රදර්ශනයක් වශයෙන් සිය රැවුලෙන් වාහන ඇද තිබේ.
වරක ඔහු සිය රැවුලෙන් වාහනයක් ඇද ලෝක වාර්තාවක් පිහිටුවන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළ අතර යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයේදීම නියෝජිතයින් විශාල පිරිසක් ඉදිරියේ එම වික්‍රමය සිදු කොට ලෝක වාර්තාව පිහිටුවා තිබේ.
මේ සම්බන්ධයෙන් වූ සහතිකයක් සෙල්ලයියා තිරුචෙල්වම් වෙත පිරි නැමුණු අතර රැවුලේ ආධාරයෙන් කිලෝ ග්‍රෑම් 1550 ක් බර වාහනයක් ඉතා කෙටි කාලයක් තුළ මීටර් 400 ක් දුරට ඇදගෙන යාමේ ලෝක වාර්තාව හිමි වන්නේ මොහුටය.
මේ කාර්යය සදහා ඔහුගේ දියණිය ඔහුට සහය ලබා දී තිබේ.