ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කර ඇත. අද ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අනාවරණය වූ අතර ඇයගේ ඉල්ලා අස්වීම ලබන සැප්තැම්බරයේ සිට ක්‍රියාත්මක වේ.
සාමාන්‍යයෙන් නව පාර්ලිමේනතුව ස්වාධීන කොමිෂන් සභාවලට නව සාමාජිකයන් පත් කෙරෙන අතර ඊට ඉඩ සලසමින් ඇය ලබන සැප්තැම්බර් මස සිට ඉවත් වනු ඇත. මේ පිළිබඳව ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ද ඇයගේ විශිෂ්ඨ සේවය අගයමින් අද ට්විටර් පණිවිඩයක් නිකුත් කොට තිබිණි.
මෙරට විසූ ප්‍රවීන අධ්‍යාපනඥයකු වන මහාචාර්ය ප්‍රේමදාස උඩුගම මහතාගේ දියණියක වන ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ නීති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර කොළඹ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙසද කලක් කටයුතු කළාය.