ඩොලර් බිලියන 51ක් වූ සියලුම විදේශ ණය ගෙවීම අද (12) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ණය ලබා දුන් සියලුම විදේශ රාජ්‍ය සහ ආයතනවලට මේ සම්බන්ධව දන්වා සිටින ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ ණය පොලී වාරිකය යළි මෙරට තුළ ආයෝජනය කිරීමට හෝ ඩොලර් වෙනුවට රුපියල්වලින් ගෙවීමට එකඟ විය හැකි බවය.
රට වැටී ඇති බිහිසුණු විනියම අර්බුදයට පියවරක් ලෙස මහබැංකුව මෙම තීන්දුව ගෙන තිබේ.







