ආසියානු ක්‍රීඩා උළෙලේ බලාපොරොත්තු සහගත තරගයක් අද ශ්‍රී ලංකා වේලාවේන පෙරවරු 11.30ට චීනයේ හැන්ග්ෂු හි දී ආරම්භ වීමට නියමිතය.
චමරී අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් අද (25) ඉන්දියාව සමග තරග කරන්නේය.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසෙන්නේ ඊයේ කඩුළු 06කින් පකිස්ථාන කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමිනි.
ඊයේ (24) තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 75ක් ලබා ගත්තේය.
සමස්ථයක් ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ මුල සිටම තරගය පාලනය කළහ. උදේෂිකා ප්‍රබෝධිනී කඩුලු 3ක් සහ කවීෂා දිල්හාරි කඩුලු 2ක් බිඳහෙළීය.
තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 76ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 16යි පන්දු 03ක් තුළ කඩුලු 04ක් දැවී ජයග්‍රහණය වාර්තා කළහ.