දිස්ත්‍රික් ගොවි සංවිධාන 25ක නියෝජිතයන් රජයේ පොහොර සාහනාධාරය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට වී සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙස කෘෂිකර්ම ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ගොවි නියෝජිතයන් මෙම ඉල්ලීම කළේ තමන් සමග පැවති විශේෂ සාකච්ඡාවක දී බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර අද (24) මාධ්‍යයට පැවසුවේය.
ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික පර්යේෂණ සමුළුව ගන්නෝරුවේ දී විවෘත කිරීමෙන් අනතුරුවය.
ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළේ පොහොර සහනාධාරය අවලංගු කර වී සඳහා සාධාරණ මිලක් ලබාදීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් අදාළ රැස්වීමට සහභාගි නොවූ මහවැලි ගොවි සංවිධාන ඇතුළු සෙසු ගොවි සංවිධාන සමඟ ද සාකච්ඡා කර අවසන් මතයක් ඉදිරිපත් කරන ලෙස දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයින්ට දැනුම් දුන් බවය.
ඉන්පසුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තීරණයක් ලබා ගැනීමට හැකි බව ඇමැතිවරයා පැවසුවේය.
හෙක්ටයාර් එකකට රුපියල් 15000 ක් බැගින් වූ පොහොර සහනාධාරය මෙවර ගොවීන් ගේ ගිණුම් වලට ගිණුම්ගත කරන බව ඇමතිවරයා කීවේය.
දැනට වී මිල තීරණය කිරීම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් සිදු කරයි.
කෘෂිකර්ම ඇමතිවරයා කීවේ ඉදිරියේ දී එම කමිටුවට ගොවි සංවිධාන නියෝජිතයින් ද ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවය.