-
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී හමුවූ රාජ්‍ය නාකයන් සමග ඉදිරියේ නිල සංචාර ගණනාවක් සැලසුම් වේ…
කියුබාවේ සහ ඇමරිකාවේ නිල සංචාරය නිමා කරමින් ඊයේ (24 දා) පෙරවරුවේ ශ්‍රි ලංකාවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිවරයා ඊයේ (24) පෙරවරු 8.30ට පමණ දිවයිනට පැමිණියේ සැප්තැම්බර් 15 හා 16 දෙදින කියුබාවේ හවානා නුවර පැවැති ‘ජී – 77’ නායක සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව ඇමරිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුවට ද සහභාගි වීමෙන් අනතුරුවයය.
ජනාධිපතිවරයා හෙට ජර්මනියේ බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට ජර්මනියට යන ජනාධිපතිවරයා එම සමුළුව ඇමතීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ බර්ලින් ගෝලීය සංවාදය ලබන 28 සහ 29 යන දෙදින පැවැත්වීමට නියමිතය.
රට තුළ සිටින දවස් දෙක තුළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාවට ද සහභාගී වීමට නියමිතය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන සමාලෝචන සාකච්ඡා පසුගිය 14 වනදා ආරම්භ කර තිබුණි.
සති 2කට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡා මාලාවේ අවසන් හමුව හෙට (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සම්බන්ධ ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.
එම සාකච්ඡාවට සහභාගී වී ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ජර්මනිය බලා පිටත් වනු ඇත. .