ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම මීට ස්වල්ප මොහොතකට පෙර බංගලාදේශ කණ්ඩායම විසින් දිනා ගත්තේය.
ඒ පකිස්ථානය සහ බංගලාදේශය අතර කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයේ දී පකිස්ථානය පැරදවූ බංගලාදේශ කාන්තා ක්‍රිකට් කන්ඩායම කඩුළු 05ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.
කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තේරුවේය. විශිෂ්ට පන්දු යැවීම නිරතවුන බංගලාදේශ ක්‍රීඩිකාවෝ පකිස්ථාන කණ්ඩායම පන්දු වාර 20 තුළ දී ලකුනු 64කට සීමා කළහ. ඒ කඩුළු 09ක් ද ලබා ගනිමිනි.
පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිිනය වූයේ අලියා රියාස් . ඇය පන්දු 18ක දී ලකුනු 17ක් ලැබුවාය. ක්‍රීඩිකාවන් 07 දෙනෙක් ලකුණු 05 සීමාව ඉක්මවූයේ නැත.
පන්දු යැවීමේ දි බංගලාදේශ කණ්ඩායමේ ෂොර්නා අක්තාර් ලකුණු 16ට කඩුළු 03ක්, සන්ජිඩා අක්තාර් මෙග්ලා ලකුණු 11ට කඩුළු 02ක් ලැබූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමේ ෂමීමා සුල්තාන් ලකුණු 13ක්, ෂාති රනී ලකුණු 13ක්, ෂොර්නා අක්තාර් නොදැවී ලකුණු 14ක් ලැබූහ. පන්දු 10ක් ඉතිරිව තිබිය දී කඩුළු 05කින් බංගලාදේශය ජයග්‍රහණය කළේය.
තව පැය කීපයකින් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබේ.