ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) පස්වරු 2ට කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
විශේෂ වාර්තා 02ක් සහ මීට පෙර කෝප් කමිටු දෙකක සිදුකළ නිර්දේශ ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අද පස්වරුවේ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් විමසීමට නියමිතව ඇතැයි වාර්තා වී ඇත.
මීට පෙර සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවකට සහ චරිත හේරත් මන්ත්‍රීවරයා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබුණි.
මේ හේතුවෙන් විගණකාධිපතිවරයා අද සාකච්ඡාවට ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙහි මීට පෙර ක්‍රිකට් ආයතනයට සිදුකළ නිර්දේශ ද ඇතුළත් විය හැකි බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.