සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහල් අමු සොහොන් කර විසඳා ගත හැකි ප්‍රශ්නය කුමක් ද?… ලෝකය ශිෂ්ඨාචාරයේ ආපස්සට යැවූ ගාසාහි තිරිසන්කම!

by editor
නොවැම්බර් 14, 2023
in පුවත්
නොවැම්බර් 12 වන දින ගාසා නගරයේ විදුලිය විසන්ධි වීමෙන් පසුව ගාසා හි අල් ෂිෆා රෝහලේ ඉන්කියුබේටර් ඉවත් කළ නොමේරූ ළදරුවන්  මෙලෙස ඇඳක් මත පෝලිමට තබා උණුසුම් කර තිබිණි.   මේ ළදරුවන්ගෙන් කී දෙනෙක් දැන් ජීවතුන් අතර සිටීදැයි දන්නේ නැත.

නොවැම්බර් 12 වන දින ගාසා නගරයේ විදුලිය විසන්ධි වීමෙන් පසුව ගාසා හි අල් ෂිෆා රෝහලේ ඉන්කියුබේටර් ඉවත් කළ නොමේරූ ළදරුවන් මෙලෙස ඇඳක් මත පෝලිමට තබා උණුසුම් කර තිබිණි. මේ ළදරුවන්ගෙන් කී දෙනෙක් දැන් ජීවතුන් අතර සිටීදැයි දන්නේ නැත.

Share on FacebookShare on Twitter

භාෂිකා හීන්දෙණිය –

මේ ලෝකය තවදුරටත් සදාචාර සම්පන්න ශිෂ්ඨාචාරවත් තැනක් නොවන බව උන් පෙන්වා දී ඇත. මානව හිමිකම් හෝ උත්තර මානව සංකල්ප ගැන තවදුරටත් ඇමරිකාව ඇතුළු එකම බටහිර ජාතියකටවත් රෙද්දක් ඇඳගෙන කතා කළ හැකි යැයි  අවම මානව  සදාචාරයක් පිළිබඳ අදහසක් ඇති    කිසිම පුද්ගලයෙක් විශ්වාස කරන්නේ නැත.  දේශපාලන ප්‍රවේශයන් සඳහා භාවිත කළ හැකි ලාභ මෙවලමක් විනා තවදුරටත් මේ සංකල්පව වල වටිනාකමක් නැත.

ඊයේ (නොවැම්බර් 13) දින දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් හි ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය පලස්තීනුවන්ගේ සිරුරු අසල වැලපෙන ඥාතින්….

ගාසා තීරය මස් මඩුවක් වී තිබේ.  එහි උතුරු අර්ධයේ පාලනය අත්පත් කර ගැනීමේ ඊශ්‍රයාල සටනේ මූලික ඉලක්කය අද නැවතී ඇත්තේ ගාසා නගරයේ ප්‍රධාන රෝහල වූ අෂ්රෆ් අල්-කිද්‍රා රෝහලේ දොරටු ඉදිරියෙනි.

රෝහලේ සියලු සැපයුම් නවත්වා ඇත. යුද ටැංකි රෝහල් ප්‍රවේශයේ ස්ථාන ගත කර සමස්ථ රෝහලම අර්ධකවාරව වැටලීම් කර තිබේ.  විදුලිය නැත. විදුලි ජනක ක්‍රියා කරවීම සඳහා ඉන්ධන ලබා ගැනීමට ඇති සියලුම ඉඩ ප්‍රස්ථා වළක්වා ඇත.    වෛද්‍යවරුන් පැවසුවේ අලුත උපන් බිළිඳුන් ඇතුළු රෝගීන්  විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති නිසා මිය යන බවය.

අල් ෂිෆා රෝහල තුළ සිටි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක අෂ්රෆ් අල්-කිද්‍රා රොයිටර් වෙත පවසා තිබුණේ    රෝහල වටලෑමත් සමග සිදුවූ මානුෂීය වෛද්‍ය සැපයුම් වැළකීම  සහ ඉන්ධන නොමැතිව විදුලිය ජනනය කර ගත නොහැකිව    පසුගිය දින තුන තුළ අලුත උපන් බිළිඳුන් තිදෙනෙකු ඇතුළු රෝගීන් 32 දෙනෙකු රෝහල තුළ මිය ගිය බවය.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක Qidra පැවසුවේ ඊශ්‍රායල යුද ටැංකියක්  රෝහල් ගේට්ටුවේ ස්ථානගත කර ඇති බවය. ඊශ්‍රායල ස්නයිපර් සහ ඩ්‍රෝන යානා මගින්  රෝහලට වෙඩි තබමින් වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට එහා මෙහා යාමට නොහැකි  තත්ත්වයක් ඇති කර තිබේ.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

“අපි වටලනු ලබන අතර මරණයේ කවයක් තුළ සිටිමු,” ඔහු පැවසීය.

මේ වනවිට වටලනු ලැබූ රෝහල තුළ අවම වශයෙන් රෝගීහු 650ක් ජීවිතය සහ මරණය අතර පොරදබදමින් සිටිති.

Ashraf al-Qidra රෝහලට එල්ල කළ ඊශ්‍රයාල ප්‍රහාරය නිසා රෝගීන් 32ක් මිය ගියහ.

ඊශ්‍රයාලය අෂ්රෆ් අල්-කිද්‍රා රෝහල වටලා ඇත්තේ ඇයි?

හමාස් සටන්කාමීන්  රෝගීන් පලිහක් ලෙස භාවිතා කරන බව ඊශ්‍රයාලය තහවුරු කර ප්‍රකාශ කරයි. සටන්කාමීන්ගේ මූලස්ථානය පිහිටි උමං මාර්ග මත රෝහල පිහිටා ඇති බව ඔවුහු පවසති. හමාස් සංවිධානය විසින් රෝහලක පහළම මාලය තුළ ගබඩා කර ඇත්තේ ආයුධ බව දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කර තිබේ.මෙය සාහසික මුග්ධ ප්‍රකාශයක් බව හමාස් සටන්කරුවෝ පවසති. එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරති.

“රෝහල ඉදිරිපිට යුධ ටැංකි ස්ථානගත කරලා. ඔවුන් අපව සම්පූර්ණයෙන් අවහිර කරනවා. මේ සම්පූර්ණයෙන්ම සිවිල් ජනතාව ඉන්න ප්‍රදේශයක්. රෝහල් සේවකයින්,   රෝගීන්, වෛද්‍යවරු සහිත   සාමාන්‍ය ජනතාව පමයි රෝහලේ ඉන්නේ. කවුරුහරි මේක නවත්වන්න,” රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙක් වූ, වෛද්‍ය අහමඩ් එල් මොඛල්ලාලති   දුරකථනයෙන් රොයිටර් අමතා පවසා තිබිණි.

“ඔවුන් ජල ටැංකිවලට බෝම්බ දැම්මා, වතුර ළිංවලට බෝම්බ දැම්මා. රොහලේ  සියලු ජල සැපයුම් විනාශ කළා.  ඔක්සිජන් පොම්පයටත් බෝම්බ ගැහුවා, ඉස්පිරිතාලේ හැම දේකටම බෝම්බ ගහලා ඉවරයි.    අපි ජීවිත බේරගෙන ඉන්නේ  අමාරුවෙන්. අපි ලෝකයට කියනවා…   රෝහල තවදුරටත් ප්‍රතිකාර සඳහා ආරක්ෂිත ස්ථානයක් නොවේ. ” ඔහු කීවේය.

නොමේරූ ළදරුවන් දෙදෙනෙක් මිය ගොස් තිබිණි.. ළදරුවෙකුගේ මිනිය වැළඳ හඬන මවක්.ක..

ඇමරිකාව යුද්ධය ගාසාවෙන් ඔබ්බට රැගෙන යන ලකුණු

ඊශ්‍රායලයේ උතුරු දේශසීමා ලෙබනනය ගැටුම් ඇති කරගෙන ඇත.  එම ගැටුම් වර්ධනය වීමත් සමඟ, එක්සත් ජනපදය අසල්වැසි සිරියාවේ ඉරානය හා සම්බන්ධ මිලීෂියා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කරමින් සිටී.    යුද්ධය ගාසා තීරයෙන් ඔබ්බට පැතිර යන සෑම ලකුණක්ම පහළ වී ඇත.

අසල්වැසි ජෝර්දානයේ අබ්දුල්ලා රජු සඳුදා රාජ්‍ය මාධ්‍ය  වෙත  කියා සිටියේ අර්බුදයේ මූල් හේතුව ඊශ්‍රායලය පලස්තීනුවන්ගේ “නීත්‍යානුකූල අයිතිවාසිකම්” ප්‍රතික්ෂේප කිරීම බය. දේශපාලන විසඳුමක් විනා ඊට   මිලිටරි විසඳුමක් තිබිය නොහැකි බව ඔහු අවධාරණය කර තිබිණි.

පසුගිය මස 07 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රයාලයට එල්ල කළ තුච්ඡ ප්‍රහාරයෙන් සිවිල් පුද්ගලයින්  1200ක් මරා දමා තවත් පුද්ගලයින් 240ක් ප්‍රාණ ඇපයට රැගෙන පැමිණි දා සිට මේ දක්වා ඊශ්‍රයාල හමුදා ගාසා තීරයේ සිවිල් වැසියන් 11000කට වැඩි ප්‍රමාණයක් මරා දමා ඇත. තවත් මරා දමමින් සිටිති. මරා දැමූ පිරිසෙන් සියයට 40ක් හය හතර නොදත් දරුවන්ය. මේ වනවිට ගාසාහි ජනගහණයෙන් තුනෙන් එකකට නිවාස නැත. ඊශ්‍රයාල ගුවන් ප්‍රහාර මගින් සුන් වී ගොස්ය.

රෝහලෙන් පිටවන්න..

වටකර ඇති රෝහලේන්   යලය සිවිල් වැසියන්ට පිටව යන ලෙසත් වෛද්‍යවරුන්ට රෝගීන්ව රැගෙන වෙනත් තැනකට යන ලෙසත් ඊශ්‍රයාල හමුදාව විසින් දන්වා තිබේ. රොහල්  බලධාරීන්  පවසන්නේ නව ප්‍රසව වාට්ටුවෙන් ළදරුවන් ඉවත් කිරීමට උත්සාහ ගත් බවය.  රෝහල් දොරටුවේ හදිසි ජනක යන්ත්‍ර බල ගැන්වීම සඳහා ඉන්ධන ලීටර් 300 ක් ඉතිරි කර ඇති  බවත් ඔවුහු කියති. ලීටර් 300 රෝහලට ප්‍රමාණවත් වන්නේ  පැය භාගයක් සඳහා  පමණක්  බවත්,  රෝහල පවත්වා ගැනීමට අවශ්‍ය විදුලිය උත්පාදනය සඳහා  දිනකට ඉන්ධන ලීටර් 8,000-10,000ක් අවශ්‍ය බවත්ය. නිර්නාමිකභාවය ඉල්ලා සිටි ඊශ්‍රායල නිලධාරියෙකු රොයිටර් වෙත පවසා ඇත්තේ හදිසි ප්‍රතිකාර ඒකකය පමණක් ක්‍රියාත්මක වන බැවින් ලීටර් 300කින් දින  කිහිපයක් පැවතිය හැකි බවය.

ළදරුවන්ගේ තත්ත්වය

නොමේරූ ළදරුවන් ඉන්නේ මිනී වල මතය.  සාමාන්‍යයෙන් තනි පුද්ගල ඉන්කියුබේටර්වල සිටින නොමේරූ ළදරුවන්   අටක් එක් ඇඳක පෙළගස්වා, ඉතිරිව ඇති විදුලි බලයෙන් උණුසුම්ව තබා ගන්නට දැවැන්ත සටනක් දෙන බව ශල්‍ය වෛද්‍ය එල් මොඛල්ලාලති  රොයිටර් වෙත පවසා තිබේ.

තිදෙනෙකු මිය ගිය පසු නව ප්‍රසව ඒකකයේ ළදරුවන්  36 දෙනෙකු ජීවතුන් අතර සිටිති. ”  දිනෙන් දින  ඒ ළදරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක්  අහිමි වනු ඇතැයි  බලාපොරොත්තු  වන බව කණගාටුවෙන් ඔබට දන්වා සිටිනවා.” ශල්‍ය වෛද්‍යවරයා කීවේය.

2023 නොවැම්බර් 13 වන දින දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පසුව, නසාර් රෝහලට ඇතුළත් කළ මවක් හා දරුවෙක්..

දෙවන රෝහල

උතුරු ගාසා තීරයේ දෙවන ප්‍රධාන රෝහල   අල්-කුඩ්ස් ය. ඊශ්‍රියලය එම රෝහලට ද ප්‍රහාර එල්ල කර සුසාන භූමියක් කර ඇත.    එම රෝහල ද  ක්‍රියාත්මක වීම නතර කර තිබේ.

පලස්තීන “රෙඩ් ක්‍රෙසන්ට්” ව්‍යාපාරය  ප්‍රකාශ කළේ රෝහල දැඩි වෙඩි හඬකින් වටවී තිබූ අතර රෝගීන් සහ කාර්ය මණ්ඩලය ඉවත් කිරීම සඳහා යවන ලද රථ පෙළකට එයට ළඟා වීමටත්  නොහැකි වූ බවයි.

ඊශ්‍රයාලය මෙම රෝහල වට කර ඇත්තේත් හමාස් සටන් කරුවන් එහි සිටින බවට වූ අදහස මතය. ඊශ්‍රායලය ප්‍රකාශ කළේ, සටන්කාමීන් රෝහල් දොරටුවෙන් වෙඩි තැබීමෙන් පසු ප්‍රතිප්‍රහාර එල්ල කළ බවය.

අල්-කුඩ්ස් රෝහල් පරිශ්‍රයේ දී  “ආසන්න වශයෙන් ත්‍රස්තවාදීන් 21 දෙනෙකු” මරා දැමූ බව ඊශ්‍රයාලය කීවේය.

මේ වනවිට ගාසා තීරයේ හදිසි  ඉන්ධන ගබඩාව  වියළී ගොස්ය .   ගිලන්රථ ධාවනය කිරීමට, රෝහල් වෙත විදුලිය සැපයීමට, පානීය ජලය සැපයීමට හෝ අපද්‍රව්‍ය පොම්ප කිරීමට තවදුරටත් හැකියාවක් නැත.

මරණයට සමූල ඝාතනයකින් පිළිතුරු දීම ලෝකය සාරණීකරණය කරන්නේ නැත. කිරීමට අවශ්‍ය වුවද රෙද්දක් ඇඳගෙන මේ කරන අපරාධයට අත ඔසවන්නට  අකමැති නමුත් මුන් ඉන්නේ අසංවේදී  අංගවිලක වූවන් සේය. ඇමරිකාව ඇතුළු බලවතුන්ගේ අශීර්වාදය සහිතව මේ කරන මිනී මැරීමට එරෙහිව ඊශ්‍රයාලයට ලෝකයේ බලපෑමක් නැත.

ඊශ්‍රයාලය පස්තීන භූමියට පැමිණ  සිවිල් වැසියෝ මරා දමති. රෝහල්වල සිටින ළදරුවන් පවා වද විඳ මැරෙන්ට හරිති. වරද පටවන්නේ සිවිල් වැසියන් අතර සිටින හමාස් සටන් කරුවන්ටය.

ගාසා තිරයේ ස්ථානගතවන ඊශ්‍රයාල හමුදා…

සටන් විරාම ඉල්ලීම

දින 05ක සටන් විරාමයක් සඳා ප්‍රාණ ඇපකරුවන් 70ක් නිදහස් කිරීමට හමාස් සංවිධානය සූදානම් වේ. මෙතෙක් සටන් විරාමයක් සදහා වන ඉල්ලීම් ඊශ්‍රයාලය මෙන්ම ඔහුගේ වියරු මිතුරා ඇමරිකාව ද    ප්‍රතික්ෂේප කර තිබේ.  එය හමාස් සංවිධානයට නැවත සංවිධානය වීමට ඉඩ දීමෙන් දුක් වේදනා දිග්ගස්සවන බව මේ දෙපාර්ශවය පවසයි. වොෂින්ටනය සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා තම සගයාට බලපෑම් කරන බව ලෝකයට පවසයි. එහෙත්  අන්ධයන් නොවන ලෝකයට පෙනෙන අයුරින්ම  මේ  නින්දිත ඝාතනයන් පවත්වා ගැනීමේ   ආස්ථානයට පිටුබලය දෙයි.

පලස්තීන වැසියන් මේ මහා ඛේදවාචකය දරා ගනිති. තමන්ගේ නිජ භූමියෙන් පිටව  යන ලෙස ඊශ්‍රයාලය ඔවුන්ට නියෝග කර තිබේ.  එහෙත් ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන්  ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ මරණයේ අභියෝගය සමග රැඳී සිටිති. මේ වනවිට ගාසා තිරයේ දකුණු ප්‍රදේශය  වැළලී ගිය සොහොන් බිමකි. මේ වනවිටත්  ඊශ්‍රාය ගාසාහි  දකුණු ප්‍රදේශයට බෝම්බ එල්ල කරමින් ඇත.

මිනී මරන්නට ළදරුවන් අසරණ මව්වරුන් ගැබිණියන්. වියපත් කාන්තාවන් දහස් ගණනක් අපේ ඇස් ඉදිරිපිට මරා දමමින් ඇත. ඒ පනුවන් සේ මරා දමන්නේ මිනිසුන් බවට වන හැඟීමක් ඇමරිකාවට හෝ බටහිර ජාතීන්ට නැත.  තේරුම් ගත යුතු යථාර්ථය නම් උන් දේශපාලන අර්ථයකින් තොරව මිනිසුන්ට මිනිසුන් ලෙස සැලකීමේ ගෞරවයවත් ලබා දෙන්නේ නැති බවය.

අපට මානව හිමිකම් තොරොම්බල් කරගෙන එන්නට පෙර ශිෂ්ඨාරයේ මුලට ගොස් නැවත පරිණාමය වී පැමිනෙන ලෙස ඇමරිකානු තානාපතිනී ජුලී චුන්ග් ටත් කිව යුතුව ඇති බව සිතමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුව ඉදිරියට…

Next Post

එල්ලකළ අසාධාරණ චෝදනා නිසා ඉවත්වන බව කියමින්  අභියචනාධිකරණයේ සභාපති විනිසුරු ක්‍රිකට් නඩුවේ විනිසුරු මඩුල්ලෙන් ඉවත් වෙයි..

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.