ශ්‍රී ලංකාවේ රජයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ කාර්යක්ෂමතාවය ඉතාම දුර්වල තැනක පවතින බවට සමස්ත ජනතාවගෙන් සියයට පනස් තුනක් ප්‍රකාශ කොට ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයකදී තහවුරු වී තිබේ.
මෙම තොරතුරු සනාථ වී ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරුන් වන වසන්ත අතකෝරල සහ මාලක රණතිලක සිදුකළ රාජ්‍ය සේවා සැපයීමේ කාර්යය සාධනය පිළිබඳ සමීක්ෂණයේදීය.
එහිදී තහවුරු වී තිබූ කරුණු අනුව රජයේ රෝහල් මගින් ඖෂධ ලබා ගැනීමට යන පිරිසකගෙන් නොමිලේ බෙහෙත් ලබා ගැනීමේ හැකියාව ඇත්තේ සියයකට විස්සක ප්‍රමාණයකට පමණකි .
සියයට අසූවක් පිරිසක පෞද්ගලික අංශයෙන් ඖෂධ ලබා ගැනීමට යොමු වී ඇති අතර එලෙස ඖෂධ ලබා ගන්නේ මුදල් ගෙවා බවත් එලෙස ඖෂධ ලබා ගැනීමට යොමුවන්නේ රජයේ රෝහලට ගොස් නිකරුණේ වැඩි කාලයක් ගත කිරීමට සිදුවන බවත් නිසා බවත් සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ