ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති නායකයින් අතළොස්සක් විසින් සිදුකරනු ලබන පිළිගත නොහැකි වැඩ වර්ජන ක්‍රියාමාර්ගවල සැඟවුණු අරමුණු සහ දේශපාලනික න්‍යාපත්‍රයන් නොබෝ දිනකින් ඉදිරියේදී දිගහැරෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.
තම වෘත්තීය සටන පැරදුණත් මේ වන විට කරළියට පිවිස සිටින මෙම වෘත්තීය සමිති නායකයින් තම පෞද්ගලික අභිමතාර්ථ ජයග්‍රහණය කරගනු ලබන බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වාදේ.
පටු පෞද්ගලික න්‍යායපත්‍රයන් ඔස්සේ ක්‍රියාත්මකවන වෘත්තීය සමිති නායකයින් කීප දෙනෙකු ඒ ඒ සෞඛ්‍ය සේවකයා නියෝජනය කරන වෘත්තිය කාණ්ඩය ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්රයේ වෛද්‍ය නොවන කාර්ය මණ්ඩලවල අභිමානය විනාශ කිරීමට හෝ හෑල්ලු කිරීමට ඉඩ නොදෙන ලෙස වෛද්‍ය අලුත්ගේ සිය සහෝදර වෘත්තීය සගයින්ගෙන් ඉල්ලා සිටියි.
සෞඛ්‍ය ක්ෂේත්රයේ වෛද්‍ය නොවන වෙනත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයන්ට දිනාගැනීමට වෙන් වෙන් ගැටලු රාශියක් පවතිද්දී වෛද්‍යවරුන්ට පමණක් හිමි දීමනාවක් ලබා ගැනීමට උත්සාහ කිරිම සහ කිසිවිටකත් එය දිනා ගැනීමට නොහැකි බව දැන දැනම කටයුතු කිරීම කුමන න්‍යාය පත්රයකට අනුව සිදුකරන්නේද යන්න පුදුමයක් යැයිද හෙතෙම පවසා සිටියි.
වසරකට අධික කාලයක් තම සංගමය වෛද්‍යවරුන් සෞඛ්‍ය පද්ධතිය තුළ රඳවා ගනිමින් ගුණාත්ම සේවාවක් රෝගී ජනතාව වෙත සහතික කිරීම සඳහා අඛණ්ඩ අරගලයක් සිදුකරන ලද බවත්, එහිදී දැනුම්වත් කිරිම්, සාකච්ඡා කිරිම් වලින් ඔබ්බට යමින් වීදි සටන් උද්ඝෝෂණ කරමින් වෛද්‍යවරුන්ට හිමි දීමනාවන්ගෙන් සොච්චමක් දිනා ගන්නා ලද බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දුන්නේය.