ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් සහයට වඩා වැඩි සහහක් ඉන්දියා විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ඉන්දීය විදේශ අමාතය ආචාර්ය එස්. ජයශංකර් ඊයේ (28) අවධාරණය කළේය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ ඊයේ (28) අහමදාබාද් හී අනන්ත් විශ්ව විද්‍යාලයේ පැවති මෝදිගේ ඉන්දියාව: නැගී එන බලය මැයෙන් පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.
එහිදී ආචාර්ය ජයශංකර් පෙන්වා දුන්නේ, වාර්තාමාන ඉන්දීය ආණ්ඩුව විසින් ඉන්දියන් සාගර්යේ පවතින සියලුම රාජ්‍යන්, ගල්ෆ් රටවල් සහ අග්නිදිග ආසියාවේ රාජ්‍යන් සමඟ ඉතා සමීප සම්බන්ධතා පවත්වාගනිමින්, කළාපයීය සංවර්ධනයක් අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
“අද අපි කරන්න උත්සාහ කරන්නේ විශාල, බලගතු සහ අභිලාෂකාමී ඉන්දියාවක් සඳහායි. අපි අපෙන් අසල්වැසියන්ට විය යුතු දේ පුළුල් කිරීමට උත්සාහ කරන්නවා. ඒ අනුව මේ කියන අසල්වැසියාන් කවුරුන්දැකි කියලා අපි බලමු. මේ රටවල් ඉන්දියන් සාගරයේ දූපත්, අග්නිදිග ආසියාවේ සහ මධ්‍යම ආසියාවේ ජාතීන් හෝ ගල්ෆ් රටවල් විය හැකිය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය සමඟ ඇති සබඳතාවයද මේවන විට දැවැන්ත පරිවර්තනයකට ලක්ව තිබෙනවා. අපගේ අසල්වැසි ප්‍රදේශය පිළිබඳ සාම්ප්‍රදායිකව වඩාත් සංකෝචනය වූ දෘෂ්ටියකින් අපි කටයුතු කරනවා, ” යනුවෙන් ඔහු පැවසීය.
එම අවස්ථාවේදී අද වල විට ලෝකය වඩාත් අවිනිශ්චිත, අස්ථාවර සහ කැළඹිලි සහිත වී ඇති ආකාරය පෙන්වා දුන් ජයිශංකර්, ඉන්දියාවේ අභිවෘද්ධිය සහ වර්ධනය සඳහා “ඉතා සංකීර්ණ සහ කලෝචිත රාජ්‍යත්‍රන්තික සම්බන්ධතා භාවිතා කිරීමට කාලය එළඹ ඇති බවද අවධාරණය කළේය. කොරෝනා වසංගතය සහ යුක්රේන-රුසියා ගැටුම අද වලිට ගෝලීය වශයේ එවැනි තත්ත්වයන්ට මුහුණ දිය හැකි සහ විශ්වාසදායක සැපයුම් දාම ගොඩනැගීමට උපකාරී වී ඇත බවද පෙන්වා දුන්නේය..
“අද වන විට ඉන්දියාවේ අසල්වැසි ප්‍රදේශය පිළිබඳ සහ ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වන ආකාරය ඉතා පූළුල් වශයෙන් වෙනස් වී ඇත. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට සිදු වූ දෙය තරම් වඩා පැහැදිලිව පෙන්නුම් කරන වෙනත් උදාරහණයක් නැති තරම්ය. පසුගිය වසරේ ඔවුන් ඉතා ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් විට, අප විසින්ම කිසිදාක නොකළ ආකාරයට ඉදිරියට පැමිණියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට කරපු දේට වඩා අපි ලංකාවට කරපු දේ ලොකුයි. ඔබ කවුරුන් හෝ මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත්නම්, මෙම ක්‍රියාවෙන් ඇති වූ ජනප්‍රිය මතය ඔබට දැක ගැනීමටත් අවබෝද කරගැනීමටත් හැකියාව ලැබෙනවා , ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.