ශ්‍රියානි විජේසිංහ –
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් කුරුණෑගල රෝහලට නැවත අනුයුක්ත කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂමේ සෞඛ්‍ය කමිටුව සෞඛ්‍ය ලේකම්වරයාට කර ඇති නියෝගය වහාම ක්‍රියාත්මක විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් කුරුණෑගල රෝහලේ දී නීතිවිරෝධී ලෙස වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකළේ යැයි පැවති චෝදනාවන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂම මගින් පරික්ෂණයක් පැවැත් වූ අතර එම පරික්ෂණයේදී ඔහු ට එල්ල වි ඇති චෝදනාවන් සම්බන්ධයෙන් කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වී ඇතැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.
පරික්ෂණ වාර්තාව මේ වන විට සෞඛ්‍ය ලේකම්වරයාට ලබා දී ඇති බැවින් අනිවාර්ය නිවාඩු යවා තිබූ වෛද්‍ය ෂාෆි නැවත කුරුණෑගල රෝහලට අනුයුක්ත කළ යුතු බවත් ඒ පිලිබදව සංගමය අවදානය යොමුකර ඇති බවත් හෙතෙම පැවසුවේය.
වෛද්‍යවරුන්ගේ පත්වීම් බලධරයා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව යැයි සංගමය අවදාරණය කරයි.







