ශ්‍රී ලංකිකයන් දස දහසකට රැකියා අවස්ථා ලබා දීමට මැලේසියානු කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව එරට මානව සම්පත් අමාත්‍ය එම් සරවනන් මහතා පවසයි.
එරට සන්ඩේලි පුවත් පත වාර්තා කරන ආකාරයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීමට සහය වීමට රජය ගත් එක් ප්‍රයත්නයක් බව අමාත්‍යවරයා පවසා ඇත. .
“අදාළ අංශවල පුරප්පාඩු පිරවීම සඳහා මෙම ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් බඳවා ගැනීමෙන් රජයේ අභිප්‍රායයන්ට සහාය වන ලෙස මම සේවා යෝජකයින්ගෙන් සහ ව්‍යාපාරවලින් ඉල්ලා සිටිමි,” සරවනන් අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීමට උනන්දුවක් දක්වන සේවා යෝජකයන්ට අමාත්‍යාංශයේ සංක්‍රමණික සේවක කළමනාකරණ මධ්‍යස්ථානයට සහ ශ්‍රම බලකායේ වෙන් වැඩි විස්තර ලබා ගත හැකි බවද ඔහු සඳහන් කර ඇත.