දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 12 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළේය.
හිටපු රාජ්‍ය අමත්‍යවරයා විසින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කෙරිනි.
2022 මහජන නැගිටීමේදී හානි වූ අනවසර දේපළක් සඳහා නීති විරෝධී ලෙස වන්දි ලබා ගැනීම සඳහා ඔහුගේ නිල තනතුර භාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව ඔහු අත් අඩංගුවට ගෙන තිබිනි.







