අත් අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
කොච්චිකඩේ පොලිසියට අද උදෑසන භාරවීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.
2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබේ.







