සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛරී යුද ස්මාරක ලෙස දාගැබ් ඉදි කිරීම බෞද්ධ දර්ශනයටත් පටහැනියි… මහාචාර්ය අගලකඩ සිරිසුමණ හිමි…

by editor
නොවැම්බර් 18, 2021 - Updated on නොවැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පරාජිතයන්ගේ වෛරය නොනිවී දල්වා තබන ගිනි දැල්ලක් බඳු ස්මාරකයක් දාගැබක නාමයෙන්  බෞද්ධයාගේ උත්තම සංකේතය වූ ස්වර්ණමාලී මහා දාගැබ් වහන්සේ අභියස ඉදි නොවිය යුතු බව තමන්වහන්සේ එදත් අදත් හෙටත් ප්‍රකාශ කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමණ හිමියෝ ප්‍රකාශ කළහ.

අන්තර්ජාල නාලිකාවක් වූ සටහන රේඩියෝ සමග සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙවැනි යුද්ධය සැමරීම සඳහා දාගැබ් යුද ස්මාරක බවට පත්කිරීම බෞද්ධ දර්ශනයටත් එකඟ නොවන බවය. උන්වහන්සේ මේ පිළිබඳ දැක්වූ සම්පූර්ණ අදහස මෙසේය.

  • අපේ රටේ චිරාත් කාලයක් අපිත් එක්ක  ජීවත්වන ජනතාවගෙන් වැඩි පිරිසක් දෙමළ ජනතාව. ඔවුන් රට පුරාම පැතිරී ඉන්නවා.  ඒ මිනිස්සු මේ සෑය දැකලා වඳීද. මලක් තියයි ද. සතුටු වෙයිද. ඒ හැම දෙනෙක්ම මේක දැකලා සුසුම් හෙළයි. වෙන කිසිම දාගැබකට එහෙම වෙන්නෙ නෑ.

  • අපේ ජාතියේ මහා සංකේතය ස්වර්ණමාලිය තිබිය දීත් ඒ බිමේම පේනතෙක් මානයේ මහා විශාල ජාතික ධනයක් වැය කර  තවත් ඒ හා සමාන ස්මාරක හදන්නෙ මොකට ද?.

සඳහිරු සෑය සඟ සතු කිරීමේ අවස්ථාවට සහභාගී වෙන ලෙස ආරාධනා කරමින් හමුදාව විසින් මා වෙත ඇරයුම් පතක් ගෙනත් දුන්නා.

මේ සෑය නිර්මාණය කළේ යුද්ධය ජයග්‍රහණය කිරීමේ ස්මාරකයක් හැටියට. මෙය ආරම්භ කිරීමේදීත් මා මීට විරුද්ධත්වය ප්‍රකාශ කළා. යුද්ධය සමරන්නට ලංකාවේ මෙවැනි ස්මාරක ගොඩනොනැගිය යුතුයි.

මා එසේ කියන්නෙ බෞද්ධ දර්ශනයේ සංකල්පයක් පදනම් කරගෙන.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බුදු රජාණන්වහන්සේගෙ කාලෙදි කොසොල් රජ්ජුරුවො අජාසත්ත රජතුමාගෙ යටතෙ තිබුණ කාසි කියන ජනපදය අත් කරගන්න සටන් කළා. පළමු වතාවෙත් පැරදුණා. දෙවන වතාවෙත් පැරදුනා.  තුන්වන වතාවෙත් පැරදුනා. කොසොල් රජු පරිණත රජ කෙනෙක්. අජාසත් රජ තුමා තරුණයෙක්. තමන් වැනි පරිණත නායකයෙක්  තරුණයෙකුට   පරාජය වීම නිසා දැඩි ලෙස ලජ්ජාවටත් කම්පාවටත්  පත් වුණු කොසොල් රජතුමා  ආහාර වර්ජනය කළා.   කොසොල් රජතුමා  දින ගණනක් නොකා නොබී ඉන්නකොට  මේ බව බුදු රජානන්වහන්සේට දැනගන්න ලැබුණා.  උන්වහන්සේ රජතුමා හමුවෙන්න වැඩම කළා. වැඩම කරලා මෙන්න මේ ගාථා ධර්මය දේශනා කළා.

“ජයං වේරං පසවති – දුක්ඛං සේති පරාජිතො“

යුද්ධයක දී ජයග්‍රහණය කළ කෙනාට සතුටක් අභිමානයක් තියනවා. පරාජිතයාට දුක වේදනාව වැඩියි. උන් වහන්සේ  දේශනාකොට වදාළෙ ඒකයි.“

“ඊටත් වඩා පරාජය ලද කෙනා වෛර කරනවා. ඒ වෛරය ක්‍රෝධය නිවන්න බෑ. ඒ නිසා යුද්ධය බුදු සමය තුළ අනුමත කරන්නෙ නෑ.“

“ රටේ භෞමික අඛණ්ඩතාවය උදෙසා ගෙන ගිය යුද්ධයේ දී ප්‍රභාකරන් පරාජය කළ යුතුම වුනා. ඒ දේ කළා. ජයග්‍රහණය කළ යුතුම වූ යුද්ධය ජයග්‍රහණය කළා. ඒ සමගම  අවසාන වශයෙන් රටේ විශාල පරාජිතයෝ පිරිසක් ඉතිරි වුණා.  ඒ අය සතුටින් විසිර ගියෙ නෑ. ඔවුන් මේ භූමියෙ අපත් සමග කාලාන්තරයක් ජීවත් වූ මිනිස්සු.  යුද්ධ පරාජය නිසා තවදුරටත් ඒ අය තුළ වෛරය ඇති නොවන ලෙසයි කටයුතු කළ යුතු තිබුණෙ. ඔවුන් යුද්ධයකට ගියේ ඇයි කියන එකයි  සෙවිය යුතුව තිබුණෙ.“

“එහෙම තියෙද්දි ඉතා විශාල යුද සැමරුමක් කරමින් යුද ස්මාරකයක් හැදුවා. දැන් මේ පරාජිත පිරිස මේ දෙස බලාගෙන ඉන්නෙ කොහොමද. ඔවුන්ගෙ සැම දේම නැතිවෙලා තියනවා. ඒ අය ඉන්නෙ වෛරයෙන්. ඔවුන්ගේ වෛරය දැල්වෙන්න දෙන්න හොඳ නෑ. සඳහිරු සෑය වගේ එකක් හදනවා කියන්නෙ වෛරය දල්වන්නට  ආරම්භ කරන ගින්දරක්.“

“ මේ දාගැබ  ගැන ලංකාවේ සිංහල බෞද්ධයො සමහර යුද විරුවො සතුටුවෙයි. නමුත් අපි ජාතික වශයෙන් කල්පනා කරලා බැලුවොත්, ලෝක ප්‍රජාවක් ලෙස බැලුවොත් , හරි…. අපි යුද්ධයකින් ත්‍රස්තවාදියා පරාජය කරලා තියනවා.  නමුත් ඉන් පස්සේ එක රටක වැසියන් ලෙස ජාතිය ගොඩනැගීමේ කටයුත්තකට අපි යන්න ඕන. ඒකට අවධානය යොමු නොකර අපි යුද්ධය ජයග්‍රහණය කළා කියන එක අනාගතයට කියන්න මෙවැනි දැවැන්ත සෑයක් හදලා තියනවා.“

“ අපේ රටේ චිරාත් කාලයක් අපිත් එක්ක  ජීවත්වන ජනතාවගෙන් වැඩි පිරිසක් දෙමළ ජනතාව. ඔවුන් රට පුරාම පැතිරී ඉන්නවා.  ඒ මිනිස්සු මේ සෑය දැකලා වඳීද. මලක් තියයි ද. සතුටු වෙයිද. ඒ හැම දෙනෙක්ම මේක දැකලා සුසුම් හෙළයි. වෙන කිසිම දාගැබකට එහෙම වෙන්නෙ නෑ, “

“අපේ ජාතියේ මහා සංකේතය ස්වර්ණමාලිය තිබිය දීත් ඒ බිමේම පේනතෙක් මානයේ මහා විශාල ජාතික ධනයක් වැය කර  තවත් ඒ හා සමාන ස්මාරක හදන්නෙ මොකට ද?. “

“මා හිතන්නෙ යුද ස්මාරකය වෙන්න ඕන ජනතා හිත සුවපත් කරන දෙයක්. ඒ බව      මා එදත් කිව්වා අදත් කියනවා. හෙටත් කියනවා.  යුද ජයග්‍රහණය අභිමානයක් කරගැනීම පමණයි අපි කළේ.  2015 වනකම් මහා රජාණනී කියලා අමතමින් ඒ අභිමානය තුළ ඔසවා තබන්නට ක්‍රියා කළා මිසක් මේ පුංචි භූමිය කඩා වෙන්කගන්න තරම් බරපතල වෙච්චි ඒ මිනිස්සු දවපු ප්‍රශ්නය මොකක්ද කියලා අපි හෙව්වෙ නෑ.  උතුරු වසන්තය හරහා නැගෙනහිර නවෝදය හරහා යටිතල පහසුකම් හැදුවා තමයි. කැඩුණු නිවාස ගේ දොර හදලා දුන්නා තමයි. ඒත් ප්‍රශ්නය තිබුණෙ කැඩුණු පාරවල්, ගොඩනැගිලිවල නෙමෙයි.

“ඔවුන්ගේ සැබෑ ප්‍රශන්යට    අදත්විසඳුමක් නෑ. භාෂා ප්‍රශ්නය අදත් තියනවා.  සම්පත් බෙදී යෑම නිශ්පාදනයට වෙළෙඳපලක් නැතිවීම,  මහාපරිමාණ ආයෝජන නැතිවීම නිසා ඇතිවුණු විරැකියා, දරිද්‍රතාවය අදත් යාපනය ආශ්‍රිතව  ඉතාම වැඩියි. වැඩිපුරම සියදිවි නසාගැනීම් වාර්තා වෙන්නෙ ඒ ජන ප්‍රජාව අතරින්. ඔවුන් යුද්ධයකින් බිහිසුණු ලෙස බැට කෑ පිරිසක්.  ඔවුන් සම්බන්ධව  ඒ මානුෂික දෘෂ්ටියෙන් බලන්න අපට බැර වුණා. .

අද දහස් ගාණක් මහා සංඝරත්නය වැඩම කළා ඒ ස්ථානයට. ඒ කටයුත්ත හමුදාවට පවරලා තිබුණා. බස් දාලා හාමුදුරුවරු  වඩම්වාගෙන කහ සිවුර ප්‍රදර්ශනය කළ විට සියල්ල හරි කියලා හිතනවා නම්  ඔවුන් වැරදියි.  සංඝයා වහන්සේ ද වන්දිභට්ටයන් නොවිය යුතුයි.

අවශ්‍ය කාරණාවක දී අවවාද අනුශාසනා කරන එක අදහසක් දෙන එක උපදේශාත්මක සේවකයක ඉන්න එකයි මහා සංඝයාවහන්සේ ගේ කාර්ය භාර්යය. අතීත සිරිත එයයි.  සංඝයාවහන්සේ පාලකයන්ගේ වන්දිභට්ටකම් කළේ නෑ.  මා දැන් කරන්නේත් එයයි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පනාමුරේ පොලිස් සිරමැදිරියේ මිය ගිය තැනැත්තාගේ දේහය බාර ගැනීම බිරිය ප්‍රතික්ෂේප කරයි!

Next Post

මාතර රෝහල් මෝචරියේ මිනී කබරයන් කාලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.