පනාමුරේ පොලිස් සිරමැදිරිය තුළ මිය ගිය පුද්ගලයාගේ සිරුර ඔහුගේ බිරිය විසින් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව පොලිසිය පවසයි.
ඒ අනුව මරණකරුගේ සහෝදරිය විසින් දේහය බාරගෙන ඇතැයි වාර්තා වේ.
පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය පනාමුරේ වැලිපොතයාය ඉන්දික ජයරත්න නැමැති මෙම 38 හැවිරිදි පුද්ගලයාගේ මරණයත් සමග ඊයේ පනාමුරේ ප්‍රදේශය දැඩි ලෙස නොසන්සුන් වූ අතර සිද්ධිය පාර්ලිමේන්තුවත් උණුසුම් කළේ මේ පුද්ගලයා ස.ජ.බ. උද්ඝෝෂණයට සම්බන්ධ වූ අයෙක් බව පැවසීම හේතුවෙනි.
සැකකරුගේ පශ්චාත් මරණ පරික්ෂණය අද ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මුණසිංහ ගමගේ විසින් සිදු කරනු ලැබූ අතර එහිදී වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සිරුරු කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර තිබේ.
සැකකරුගේ මරණයෙන් පසු ඇති වූ නොසන්සුන්තාවත් සමඟ පනාමුර පොලිසියේ සැකකරු මිය යන අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මේ වන විටත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබේ